කාන්තා යට ඇඳුම් නිවැරැදිව තෝරා නොගැනීමෙන් ඇති වන ගැටළු…

0
10


නිවැරදි යට ඇඳුම් තෝරා නොගැනීමෙන් කාන්තා ඔබට ඇති විය හැකි ගැටළු ගැනයි අද අපි මේ ලිපියෙන් කතා බහ කරන්නේ.මෙය ඉතා සරල කාරණයක් වශයෙන් පෙනුනද ඔබ ඔබට නොගැළපෙන යට ඇඳුම් පාවිච්චි කිරීම ඉතා දරුණු ගැටලුකාරී තත්ත්වයන් කරා ඔබව රැගෙන යාමට පවතින හැකියාව ඉතා වැඩියි.

ඉතා තදට under pants ඇඳීම ඔබව ඒ මොහොතේ අපහසුතාවයට පත් කරනවාක්  මෙන්ම එය දීර්ඝ කාලීනව සිදු කිරීම හරහා  කලවා ප්‍රදේශයේ රුධිර සංසරණය අඩු කිරීමටද හේතු විය හැකියි. එමගින් එම ප්‍රදේශය හිරි වැටීමට ලක් වන්න පුළුවන්

ඔබ ඉතා තද යට ඇඳුම් අඳින අයෙක් නම් ඔබ ඉතාම මැනවින් දන්නා කරුණක් වන්නේ තද යට ඇඳුම් නිසා ඔබට දහදිය දමන ප්‍රමාණය ඉතා වැඩියි.දිගු කාලීනව මෙය සිදු කිරීමෙන් එම ප්‍රදේශ ආශ්‍රිතව විවිධ බැක්ටීරියා ආසාදන තත්ත්ව ඇති වන්න පුළුවන් .

ඔබ අඳින බ්‍රා එක ඔබේ ප්‍රමාණයට වඩා ප්‍රමාණයෙන් වැඩි නම් ඔබේ පියයුරු එල්ලා වැටීමට පටන් ගන්නවා. ඒ වගේම ඔබේ ප්‍රමාණය වඩා ප්‍රමාණයෙන් අඩු බ්‍රා ඔබ නිතර ඇඳීම නිසා කොන්දේ වේදනවා, පියයුරුවල වේදනාව මෙන්ම පියයුරුවල හැඩය පවා වෙනස් වෙන්න පුළුවන්

ඉතා තද යට ඇඳුම් ඇඳීම හරහා එම ප්‍රදේශ අඳුරු වන්න පුළුවන්.නිතරම දහදිය රැඳී තිබීම නිසා මෙම තත්ත්වය ඇති වනවා.

තද යට ඇඳුම් නිසා දහදිය දමන ප්‍රමාණය ඉතා වැඩියි.එමෙන්ම ඔබ අඳින යට ඇඳුම්වල මේටිරියල් එක දහදිය උරා නොගන්නවානම් දහදිය රැඳී තිබෙනවා.එවැනි හේතු නිසා බැක්ටීරියා ආසාදන නිසා ඇති වන විවිධ දද කුෂ්ට වැනි රෝග හට ගන්න පුළුවන්

දැන් බලමු ඔබට ගැළපෙන යට ඇඳුම් තෝර ගන්නේ කොහොමද කියලා..

ඔබේ ඉණ මැන ගන්න. ඔබේ ඉණ සහ උකුල් මිනුම් නිවැරදිව බලාගෙන ඔබේ යට ඇඳුම් සඳහා නිසි ප්‍රමාණය සොයා ගන්න . ඒ  මගින් ඔබේ  ශරීරයට වඩාත් සුවපහසු ප්‍රමාණය තෝරා

ඔබ යට ඇදුම් තොරෝ ගැනීමේදී  ඉණ පටිය තරමක් ඇද බලන්න අමතක කරන්න එපා . මෙහි යම් ආකාරයක ලිහිල් බවක් ඇති නම් හෝ හිර ගතියක් ඇති නම්  ඉන් ඔබ අපහසුතාවට පත් වෙන්න පුළුවන්.

යට ඇඳුම් ඉතා තදින් ඇඳීම තුළින් ඔබේ ඇඳුම් වලින් එම යට ඇදුමේ ගැටිති ස්මතු වී පිටට පෙනෙන්නට පුළුවන්. ඒය ඔබේ මස්පිඬු වලටත් වේදනවක් දනවන දෙයක් වනවා .

සුව පහසු යට ඇඳුම් ගැන සැලකිලිමත් වන විට කපු රෙදි ඉතාමත් වැදගත්. ඒ කියන්නේ තෙතමනය උරා ගන්නා සුවපහසු බවක් ඇති කරන මෙටීරියල් එකක්. මේ නිසා දහඩිය නොදමන අතර බැක්ටීරියා ආසාදන ගැන ඔබට කරදර විය යුතු නැත. බැක්ටීරියා ආසාදන ඇතිවීමේ හැකියාව නිසා කපු යට ඇඳුම් කාන්තාවන්ට විශේෂයෙන් හොඳ විකල්පයක්.

කපු යට ඇඳුම් වඩාත් සුවපහසු වුවත්, එය සැමවිටම සෑම අවස්ථාවකටම ඇඳ ගෙන යාම ගැළ පෙන්නේ නැහැ. ඔබ සිහින් බවකින් යුක්තව දිස්වන ඇඳුමක් අඳිනවනම් , නයිලෝන්, ලයිකා, හෝ ස්පැන්ඩෙක්ස් ආදී මෙටීරියල් එකකින් නිශ්පාදනය කර ලද යට ඇඳුම් තොරා ලන්න. එහිදී මැහුම් රහිත” හෝ “රේඛා නැත” යනුවෙන් ලේබල් කර ඇති යට ඇඳුම් වර්ගයක් තොරා ගන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here