කාන්තා නිරුවත – අන්තර්ජාලයට දැමීමේ සිද්ධි ගැන පැමිණිලි ඉහළට

0
6

ගැහැනු ළමයින් මේ ගැන දැනුවත් කළ යුතුයි
ගාල්ල කොට්ඨාස පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති
ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.කේ.ආර්.ඩී. ද අල්විස්

තරුණියන්ගේ සහ කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප සහ ලිංගික දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් දිනපතාම පැමිණිලි ලැබෙමින් පවතින බැවින් විශේෂයෙන්ම ඒවායින් වැළකීමට ගතයුතු පියවර පිළිබඳව තරුණ ගැහැනු ළමයින් දැනුවත් කළ යුතුව ඇතැයි ගාල්ල කොට්ඨාස පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.කේ.ආර්.ඩී. ද අල්විස් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ ඒ මහතා මෙසේ ද කීවේය.“ඉකුත් දිනක කුඩා දරුවෙකුද වඩාගෙන සැමියා සමග පැමිණි තරුණ මවක් ඇයගේ පැරණි පෙම්වතා විසින් තමාගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදාහැර ඇති බවට පැමිණිල්ලක් කළා. ඇයගේ සැමියා ඉතා බුද්ධිමත්ව තීරණ ගැනීම නිසා ඔවුන්ගේ පවුල් ජීවිතය ආරක්ෂා වුණා.

දැන් ලෝකයේ ඉතාම දියුණ නවින තාක්ෂණයෙන් යුත් සූක්ෂම කැමරා තිබෙනවා. එනිසා විශේෂයෙන් ම තරුණ ගැහැනු ළමයි තමාගේ පෙම්වතා සමග යම්කිසි ස්ථානයකට ගියාම ඒ අවට බලන්න. ඔබට නොපෙනෙන ලෙස කුඩා කැමරාවක් සවිකර තිබෙන්න පුළුවනි. ඒ වගේම කාමරයකට ගියොත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න. මේ කැමරාව නාන කාමරයේ බිත්තියේ ඇණයක එල්ලා තැබීමට පුළුවනි. බිත්තියේ විදුලි පේනුවක (ප්ලග්) සවිකර තැබීමට පුළුවනි. ඇඳ විට්ටමේ සවිකර තැබීමට පුළුවනි. එපමණක් නොව කාමරයේ විදුලි බුබුළක පවා සවිකර තැබීමට පුළුවනි.

ඒ වගේම පිට නවාතැන් පොලවල්වලට ගොස් ඇඳුම් මාරු කිරීමේ දී ද සැලකිලිමත් වෙන්න. රෙදිපිළි වෙළෙඳ සල්වල ඇඳුම් මාරු කරන කාමරයේ ද මෙම කැමරා සවිකර තිබීමට පුළුවනි. ඔබේ පෙම්වතා ඔබට විශ්වාස වෙන්න පුළුවනි. එහෙත් ඔහුගේ ඉල්ලීමට ඔබේ නිරුවත් ඡායාරූප ඔහුට දෙන්න එපා. සුලු‍ අමනාපයකින් හෝ වෙනසක් වුණොත් ඒ සියල්ලම අන්තර් ජාලයට මුදා හැරීමට පුළුවනි. එනිසා විශේෂයෙන්ම තරුණියන් සැලකිලිමත්විය යුතුයි.
අහංගම සුගතපාල දීයගහගේ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here