කාන්තාවන් බහුලවශයෙන් පෙළෙන මේ රෝගයට ඔබත් ගොදුරු වී ඇත්දැයි බලන්න

0
11


අද අපි කතා කරන්නේ අපේ ලාංකීය කාන්තාවන් බොහෝ දෙනෙක් නොදන්නා නමුත් බහුතරයක් අතර දක්නට ලැබෙන රෝගී තත්වයක් ගැනයි.. එනම් හිමොග්ලොබින් මට්ටම අඩුවීම හෙවත් නිරක්තිය ගැනයි අපි කතා කරන්නෙ. සාමාන්‍ය ව්‍යවහාරයේදි ඇගේ ලේ අඩු වීම කියල හදුන්වන මේ තත්වය කාන්තාවන් ලෙස අපි අනිවාර්යයෙන් සැලකිලිමත් විය යුතුයි.

මේ රෝගයෙන් වෙන්නෙ රුධිර (ලේ) තරලය තුළින් ශරීරයේ සියලු අවයව වෙත ඔක්සිජන් ගෙනයන හිමොග්ලොබීන් සහිත රතු රුධිර සෛල ප්‍රමාණය අසාමාන්‍ය ලෙස අඩුවීම.

සාමාන්‍ය නීරෝගී පුද්ගලයෙකුගේ 100ml ප්‍රමාණයක 12g ලෙස හිමොග්ලොබින් අඩංගු විය යුතුයි. නමුත් මේ ප්‍රමාණය මීට වඩා අඩු නම් නිරක්ති තත්වයක් ලෙස හැදින්වෙනවා, එමෙන්ම ගර්භනී මවකගේ 11ට වඩා හිමොක්ලොබින් අඩුවීම ගර්භණී නිරක්තිය ලෙස සලකනවා.

සමහර ලේ අඩුවීමේ හේතු පරම්පරාවෙන් නැතිනම් ජානමය වශයෙන් ඇති වෙනවා.

එහෙත් වැඩිහිටි අය තුළ මතුවන නීරක්තියට බලපාන හේතු රැසක් තිබෙනවා. ඒ අතරින් කාන්තාවන් බහුලව මුහුණ දෙන මේ නිරක්තියට හේතුව තමයි යකඩ ඌණතාව. සමබල ආහාර වේලක් නොගැනීම තුල මේ තත්වය ඇතිවෙනව.

යකඩ ඌණතා නීරක්තිය …

ලොව පුරා කාන්තාවන් වැඩි දෙනෙක් පෙළන නීරක්තිය තත්ත්වයට හේතුව වන්නේ ශරීරයේ යකඩ අඩු වීමයි.

තමන් ගන්නා ආහාර තුළ යකඩ පෝෂකය අඩංගු ආහාර නොතිබීම, එම ආහාර තුළ අඩංගු යකඩ පෝෂකය උරාගැනීමට නොහැකිවීම මෙන්ම ඒවා උරාගැනීමට බාධා කිරීම් ඇතිවීම් නිසා මෙම ගැටලුව ඇති වනවා.

ඔබට නීරක්තිය තිබේදැයි හදුනා ගන්නේ කෙසේ ද?

අසාමාන්‍ය ලෙස නිදිමත ගතියක් දැනීම

අධික මහන්සියි

ශරීරය කෙට්ටු වීම

නිතර නිතර ලෙඩ වලට ගොදුරු වීම

ශරීරය කහ පැහැයක් හෝ සුදුමැලි වීම

දිවෙ පවතින සාමාන්‍ය වර්ණය වෙනස් වී සුදුමැලි පැහැයක් ගැනීම

ඇස් පිහාටු යට සුදු පැහැයක් ගැනීම

දෙතොල් සුදුමැලි පැහැයක් ගැනීම

නීරක්තිය ඇතිකිරීමට තුඩුදෙන එකම හේතුව අප ගන්නා ආහාර තුළ යකඩ නම් මූල ද්‍රව්‍යමය පෝෂකය විරල වීම බව පොදු මතයයි.

එහි සැලකිය යුතු සත්‍යතාවයක් පැවතිය ද ලේ අඩුවීමට බලපාන තවත් හේතු ගණනාවක් තිබෙන බව දැනසිටිම අපට ප්‍රයෝජනවත්

විටමින් B ඌණතාවය

folic acid ඌණතාවය

වකුගඩුවල දුර්වලතාවයන්

උදරයේ තුවාල ඇතිවීම

මාස් ශුද්ධියේ දී විවිධ රෝගී තත්ත්වය නිසා

වැඩිපුර රුධිර වහනය වීම

ශල්‍යකර්ම

ඇටමිදුළුවල රෝග

මස් (පීකුදු ඇතුළුව) සහ මාළු වැඩිපුරම යකඩ අඩංගු ආහාරයට එක් කර ගැනීම

පළාවර්ග, පළතුරු, බිත්තර ආදී ආහාර මඟින්

එළවළුවලට විටමින් සී හා අම්ල (දෙහි, සියඹලා, බිලිං) ආදිය එක්කර ආහාරයට ගැනීම



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here