යෝනිය මගින් ශ්‍රාවයක් පිටවීම කාන්තාවන් තුළ දකින්න තියෙන පොදු තත්ත්වයක්. සාමාන්‍ය යෝනී ශ්‍රාවය ලොකු ප්‍රමාණයකුත් නැහැ.ඊට අමතරව සාමාන්‍ය යෝනී ශ්‍රාවයකදී වර්ණයක් ගන්ධයක් නැහැ .යෝනි ශ්‍රාවය ඇති වෙන්න එක් හේතුවක් තමයි වැඩිවිය පත්වෙනවත් එක්කම වෙන හොර්මෝන වෙනස් වීම. ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත වෙනස් වීම සිදුවෙන්නෙ ලිහිසි භාවය ඇති කරන්න,ඊට අමතරව ආසාදන වලක්වන්න, සාමානය බැක්ටීරියා ක්‍රියාකාරිත්වයත් එක්ක සාමාන්‍ය යෝනී ශ්‍රාවයක් එන්න පුලුවන්.එවිට ගන්ධයක් රහිතව වර්ණයක් රහිතව සාමාන්‍ය තෙත් ගතියක් යෝනී මාර්ගයේ ඇති වෙන්න පුලුවන්.
ආර්තව චක්‍රයේ එක එක කාල පරාසවලදී,ඩිම්බ මෝචනය වන කාලයේදි ටිකක් ඝනකම වැඩි ශ්‍රාවයක් තියෙන්න පුලුවන්.ආර්තව චක්‍රය අවසන් වෙලා පටන් ගන්න මුල්ම කාලයේදී වතුර වගේ සාමාන්‍ය ශ්‍රාවයක් තියෙන්න පුලුවන්.ඩිම්බ මෝචනයත් එක්ක මේ ශ්‍රාවය ඝනකම් වෙන්න පුලුවන්.ඊට පස්සෙ ඒ ශ්‍රාවය අඩු වෙලා යනවා. ඒකට හේතු වෙන්නේ ස්ත්‍රී හොර්මෝනවල ක්‍රියාකාරිත්වය.මෙය සාමාන්‍යය තත්ත්වයක්.නමුත් සමහර කාන්තාවන්ට යෝනි ශ්‍රාව පිටවීමේදී ගන්ධයක් පැහැයක් සහිතව පිටවෙනවා. අද අපි කියන්න යන්නේ මේ තත්ත්වය ගැනයි.
ආයුර්වේදයේදී ශ්‍රාවයේ වෙනස්කමක් තියෙනවනම් මෙය රෝගී ලක්ෂණයක් ලෙස හදුන්වනවා.එය හඳුන්වන්නේ ප්‍රදරය කියන නමින්.ප්‍රදර තත්වයක් කියන්නේ වැඩිපුර යෝනි ශ්‍රාවය පිටවීමට. අපි සාමාන්‍ය ව්‍යවහාරෙදී මේ තත්ත්වය හඳුන්වන්නේ ඇඟ උණු කරගෙන යාම වශයෙනුයි. විවිධ රෝගවලදී මේ තත්ත්වය විවිධාකාරයෙන් ඇති වෙන්න පුලුවන්.
ශරීරීයේ වෙනත් පද්ධතිවල රෝග අවස්ථාවන්හීදී සහ ගර්භාෂය සහ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයන් හේතුවෙන් යෝනි ශ්‍රාවයේ වෙනස්කම් ඇති වන්න පුළුවන්.යෝනි ශ්‍රාවයේ ඇතිවන වෙනස්කම්වලට බලපාන සාධක භාහිර ඉන්ද්‍රීය ආශ්‍රිතව පවතින ආසාදන සහ අභ්‍යන්තර ඉන්ද්‍රීය ආශ්‍රිතව පවතින ආසාදන වශයෙන් වෙන් කර හඳුනා ගන්න පුළුවන්
ඒ වගේම යෝනි ශ්‍රාවයේ වෙනස්කම් වන්න මානසික හේතුත් බලපානවා.ලිංගික චර්යාවලට අධික කැමැත්තක් තිබෙන , ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ බැලීමට යොමු වීම වැනි මානසික හේතු නිසා ශ්‍රාවය වැඩි වෙන්නත් පුලුවන්.
දුර්ගන්ධයක් පැවතීම
සමහර වෙලාවට රෝගී ලක්ෂණයක් ලෙස යෝනී ශ්‍රාවය ඇති වෙන එකේ ගන්ධයක් තියෙන්නත් පුලුවන් නැතිවෙන්නත් පුලුවන්.නමුත් බොහෝ වෙලාවට ආසාදන නිසා ඇතිවෙන ශ්‍රාවයකදී හෝ අභ්‍යන්තර ප්‍රශ්න නිසා ඇති වෙන ශ්‍රාවයකදී දුර්ගන්ධය තියෙන්න පුලුවන්.සැරවත් සමග ශ්‍රාවය පිට වීමෙදී තමයි ගන්ධයක් ඇති වෙන්නෙ.එතකොට ගොඩක් වෙලාවට ආසාදන තත්වයක් තමයි තියෙන්නේ.
යෝනි ශ්‍රාවයේ පැහැය වෙනස් වීම
ඝන උකු ද්‍රවයක් පිටවීම
යෝනි ශ්‍රාවය නිතර නිතර පිටවීම
ලේ පැහැයට හුරු ශ්‍රාවයක් පිටවීම
ගන්ධයක් සහිතව රක්ත වර්ණව ගොඩක් අසාමාන්‍ය ශ්‍රාවයක් පිටවෙන්නෙනම් ගර්භාෂය ආශ්‍රිතව හෝ ගැබ් ගෙල ආශ්‍රිතව පිලිකා තත්වයක් වෙන්න පුලුවන්.
කැසීම සහ අධික දැවිල්ල
බැක්ටීරියා ආසාදනත් එක්ක කැසීම දැවිල්ල ඒ වගේ දේවල් එක්ක මේ තත්වය ඇතිවෙන්න පුලුවන් .ගොඩක් අපි ගාවට එන රෝගීන් යෝනී ශ්‍රාවයක් වෙනවා කියලා කීවට අපි විමසලා බලද්දි ඒක සාමාන්‍ය තත්වයක්.මොකද සමහර වෙලාවට හොර්මෝන වෙනස් වීමත් එක්ක සමහර වෙලාවට ඒක රෝගයක් නෙවෙයි හැබැයි අනිවාර්යයෙන්ම ගන්ධයක් කහ පැහැයක් නැත්නම් ලේත් එක්ක යනවනම් වෛද්‍ය උපදෙස් වලට යොමු වෙන්න ඕන.
අවිවාහක ස්ත්‍රීයක්නම් වීශේශයෙන්ම භාහිර ප්‍රජනන ඉන්ද්‍රීය පරීක්ෂාවක කරගත යුතුයි .විවාහක අයෙක්නම් අභ්‍යන්තර ප්‍රජනන ඉන්ද්‍රීය දක්වා පරීක්ෂාවක් කිරීම සුදුසුයී.දීර්ඝ කාලයක් මේ ශ්‍රාවය පිටවෙනවනම් ශාරීරිකව මෙන්ම මානසිකව දුර්වල වෙන්න පුලුවන්.කුසගින්න නැතිවීම,ආහාර අරුචිය,නිතර නිතර මූත්‍රා ආසාදන වගේ දෙවල් ඇති වීම හරහා වෙනත් භයානක රෝග තත්ත්වයන් ඇති වෙන්න පුලුවන්.මෙහෙම තත්වයක් දිගින් දිගටම නොසලකා හැරීමෙන් ගැබ් ගෙල තුවාලවැනි ආසාදන තත්වයන්ඇතිව වඳභාවයට වුවත් පත් විය හැකියි. එම නිසා කාන්තාවන් අනිවාර්යයෙන්ම මේ පිලිබද සැලකිලිමත් වියයුතුයි.
මෙම රෝගයට ප්‍රතිකාර වශයෙන් මුලින්ම වෛද්‍යවරයකු වෙත යොමු වී රෝගී පරීක්ෂාවක් සිදු කළ යුතුමයි.ඒ අනුව රෝගයට හේතූව,රෝග ලක්ෂණය,රෝග ඉතිහාසය ඒ වගේ දේවල් සොයා බලා බාහිර සහ අභ්‍යන්තර ප්‍රතිකාර නිර්දේශ කරනවා.
මෙම රෝගයට මූලික ප්‍රතිකාරයක් වශයෙන් යෝනි ශේක හෙවත් ඖෂධීය දියරයන්ගෙන් සේදීම සිදු කරනවා.මෙය වෛද්‍යවරයෙකු විසින් කර ගත යුතුයි. එයට හේතුව භාහිරව ඖෂධීය දියර ඇතුල් කොට යෝනී මාර්ගය සම්පුර්ණයෙන්ම ගැබ් ගෙල දක්වා සේදීම මෙහිදී සිදු කිරීමයි .යෝනී ශේකය කරන්න පුලුවන් විවාහක අයට පමණයි. යෝනී මාර්ගය ඇතුළ සේදීමක් කරන නිසා එය අවිවාහක අයට සුදුසු නැහැ.
රෝගියාට තනිව කර ගත හැකි ශේකය අවගහ කිරීම ලෙස ආයුර්වේදයේ හඳුන්වනවා. අවගහ කියන්නෙ ඖෂධීය කසායක නිර්දේශ කරන ලද වෙලාවක් වාඩී වී සිටීමයි .එමගින් භාහිර ආසාදන සමනය කීරීම,විෂබීජ ආසාදන පවතීනම් ඒවා විනාශ කිරීම සිදු කරනවා.සාමාන්‍යයෙන් කැසීම වැනි ආසාදිත තත්වයකදි නිවසේදි කරගන්න පුලුවන් ප්‍රතිකාරයක් ලෙස ,
සාමාන්‍ය වතුරට සිනක්කාරං කුඩු ස්වල්පයක් දමා විනාඩි 20ක් පමණ එම වතුරෙ වාඩි වී සිටීම සිදු කළ යුතුයි.නුගපොතු,අට්ටික්ක පොතු, ගංසූරිය පොතු එකට තම්බලා ඒ වතුර එක ටිකක් මද උණුසුම් වෙන්න නිමෙන්න තබා එයට සීනක්කාරං කුඩු ස්වල්පයක් එකතු කර එම වතුරෙහි විනාඩි 20ක් පමණ වාඩි වී සිටීමත් යෝග්‍ය වනවා .
(සනීපාරක්ෂක තුවා භාවිතා කරන්නේ නම් පැය 4න් 4ට එවා මාරුකරන්න වගබලා ගත යුතුයි )
යෝනී මාර්ගය ආශ්‍රිතව පිරිසිදුව වියළිව තබා ගැනීම
(පිරිසිදුව සෝදල රෙදි කෑල්ලකින් හෝ තෙත මාත්තු කරලා වියළිව තබා ගැනීම )
තක්කාලි,අන්නාසි,අච්චාරු වැනි ඌෂ්ණ ආහාර කෘතිම රසකාරක යෙදූ ආහාර බලමාලු,කෙලවල්ලො වැනි සැර මාලු ජාතී වැනි ආහාරවලින් වැළකී සෞම්‍ය ගුණයෙන් යුතු ආහාර පාන ලබා ගැනීම
දුර්ගන්ධය සහිතව අධික ලෙස යෝනි ශ්‍රාවයන් පිට වන්නේ නම් අත් බෙහෙත් වෙත යොමු නොවී සුදුසු වෛද්‍යවරයෙකු හමු වී පරීක්ෂා කරගෙන ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා.එතුළින් දරුණු රෝගයක් වීමට පෙර මෙම රෝගය සදහටම සුව කර ගැනීමේ හැකියාව පවතිනවා.
තොරතුරු සැපයීම – දේශීය වෛද්‍ය රුචිරා රමේෂි
Saru FM Media