කාන්තාවන් නිතර පීඩාවට පත් වන ආතරයිටිස් වලට විසඳුම්.

0
13


ආතරයිටිස් කියන්නේ අපව ටිකක් බියට පත් කරන රෝගයක්. ඇත්තටම ආතරයිටිස් වලට බිය වෙන්න ඕනෑද. ආතරයිටිස් පාලනය කරගන්නේ කොහොමද කියලා කොළඹ ජාතික රෝහලේ භෞත චිකිත්සක හා වෘත්තිය චිකිත්සක විද්‍යාලයේ ආචාර්ය කිත්මා වාසනා දහනායක මහත්මියගෙන් දැන ගනිමු.

ආතරයිටිස් කියන්නේ සන්ධි හා සන්ධි ආශ්‍රිත රෝග කාණ්ඩයට අයිති එක්තරා තත්ත්වයක්.සන්ධියක ඇති වන හැම අපහසුවක්ම ආතරයිටිස් රෝගය නෙවෙයි. සන්ධියක ඇති වෙන ඉදීමක්, රතුවීමක් හෝ වර්ණය වෙනස්වීමක්.ස්පර්ශ කරද්දී සාමාන්‍ය දේහ උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය ඉහළ බව වැටහීම, සන්ධිය චලනය කිරීමේදී ඇති වන තද ගතිය සහ වේදනාව නිසා සන්ධි ආශ්‍රිත රෝගයක් කියලා හඳුනා ගන්න පුලුවන්. එය ආතරයිටිස් ම බව දැන ගන්න රක්තවාතවේද සායනයකට ඇතුළත් වෙන්න ඕනෑ. පරීක්ෂණ වලින් පසු එය ආතරයිටිස් ද කියලා සනාථ කරගන්න පුලුවන්

සත්‍ය තත්ත්වය තමයි මෙය නිට්ටාවට සුව කළ නොහැක්කක්.නමුත් රෝග ලක්ෂණ පහළ වූ කාලයේම නිසි වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ගත්තොත් රෝගය පාලනය කරන්න පුලුවන්.

ප්‍රධාන රෝහල් වල තමයි පැවැත්වෙන්නේ. රෝගියාට ළඟා විය හැකි දුරක පිහිටි රෝහලකින් ප්‍රතිකාර ලබා ගන්න මූලික රෝහලකින් කරගන්නා පරීක්ෂණ හරහා පුලුවන්.

ඔස්ටියෝ ආතරයිටිස්, රූමැටොයිඩ් ආතරයිටිස් බහුලවම දකින්න ලැබෙන රෝගි තත්වයන් වෙනවා. මීට අමතරව තව රෝග ගණනාවක් තිබෙනවා.

වෛද්‍යවරයෙක් හරහා සිදුවන ඖෂධ ප්‍රතිකාර හරිම වැදගත්. රෝගය උත්සන්න වූ අයට එන්නත් ප්‍රතිකාර ද සිදු කෙරෙනවා. මීට අමතරව වෘත්තීය චිකිත්සක සහ භෞත චිකිත්සක ක්‍රම සිදු කෙරෙනවා.

කෙටිකාලීන සහ දීර්ඝ කාලීන සංකූලතා ඇති වෙන්න පුලුවන්. සමහර වෙලාවට වේදනාව සාමාන්‍ය වේදනා නාශක වලින් පහව යන්නේ නෑ. ඒ වගේම අත්වල සහ පාදවල සන්ධි විකෘති වීම රූමැටොයිඩ් ආතරයිටිස් වලට ප්‍රතිකාර නොගැනීම නිසා වෙන්න පුලුවන්. එතකොට අත්වලින් සහ පාදවලින් කරන ක්‍රියාකාරකම් ඇණ හිටිනවා. එතකොට එදිනෙදා ජීවිතේ වැඩකටයුතු සෑහෙන දුරට අඩාල වෙනවා.සන්ධි විසන්ධි වීම් පවා වෙන්න පුලුවන්.

නැහැ. වැරදි ජීවන රටා සහ නිවැරදි බර පවත්වා නොගැනීම නිසා මෙය තරුණ කාලෙත් වෙන්න පුලුවන්.

ආතරයිටිස් බහුලවම ඇති වෙන්නේ කාන්තාවන්ට. සිරුරේ බර අතින් ගත්තම පවුලේ කාන්තාවන් බොහොම සමානයි.ඒ තත්ව දැන ගන්න තමයි පවුලේ ඉතිහාසය විමසන්නේ. නැතුව මෙය ජානගත රෝගයක් නෙවෙයි.

මේවා කෙලින්ම රෝගයට හේතුවක් නෙවෙයි. නමුත් මෙමගින් රෝගය කෙරෙහි උද්දීපනයක් වෙනවා. එකක් වැරදි ඉරියව් පුරුදු, අනිත් කාරණය සිරුරේ බර පාලනය කර නොගැනීම.

ඔව් තියෙනවා.ඖෂධ ප්‍රතිකාර වගේම වෘත්තිය චිකිත්සාව තුළත් විවිධ චිකිත්සක ක්‍රම තිබෙනවා. පතුරු ආධාර ක්‍රමයත් ඉන් එකක්.මෙය ඉතාම හොඳ ප්‍රතිකාර ක්‍රමයක් බව ඔබට පහත ඇති වීඩියෝ එකෙන් දැන ගන්න පුලුවන්.

රෝගය උත්සන්න කාලයේ නිවැරදි ප්‍රතිකාර ගන්න රෝගීන් රෝගය යටපත් වුණු පසු එය අමතක කරනවා. ඉන්පසු නොකළ යුතු දේවල් කරනවා.හිටගෙන සිටීම බර එසවීම නොකළ යුතුමයි. ඒ වගේම ඖෂධ ගැනීම නවත්වන්නත් එපා.

ඒ වගේම ඔබ රෝගය නිසා විකෘතිතා වලට ලක් වෙලා නම් ඔබේ එදිනෙදා උපකරණ ඔබට ගැළපෙන ලෙස සකසා දීමත් රෝහල් සහ චිකිත්සක සායන හරහා සිදුවෙනවා. මේ රෝගය සුව කරන්න බැරි වුණත් පාලනය කරගෙන සාමාන්‍ය ලෙස ජීවත් වෙන්න පුලුවන්. ඔබ පරිස්සම් වීමයි ඉතා වැදගත්.

රූපසටහන් සහ වැඩි විස්තර සමඟ මේ ගැන දැන ගන්න පහත වීඩියෝ එකත් බලන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here