කාන්තාවන් ඇඳුම් තෝරාගන්න කොට කොහොමත් සෑහෙන්න සැළකිලිමත් නේ. නවීන විලාසිතා කරන්න, එක එක ජාතියෙ ඇඳුම් අඳින්න වගේම එක එක රටවල් වල විලාසිතා කරන්න අපේ කාන්තාවන් ගොඩක් කැමතියි. ඒත් ඉතින් දකින දකින විලාසිතාව ඔහේ කරන්න බෑ. තමන්ට ගැලපෙන නොගැලපෙන දේවල් තෝරලා බලලා කරන්න ඕනේ. හුඟක් වෙලාවට තමන්ගෙ ශරීරයට ගැලපෙන්නෙ නැති සහ අවස්ථාවට ගැලපෙන්නෙ නැති විදියට අඳින අයව අපි දකිනවා. ඔන්න අද අපි කියන්න යන්නෙ කාන්තාවන් ඇඳුම් තෝරගැනීමේදී සැළකිලිමත් වෙන්න ඕනෙ කරුණු ටිකක් ගැන.
1. ඇඳුම අඳින අවස්ථාව
අපි ඇඳුමක් තෝරනකොට ඒක අඳින්න හිතන ස්ථානය ගැන ගොඩක් හිතලයි ඇඳුම සිලෙක්ට් කරන්න ඕනේ. උදාහරණයක් විදියට ඔෆිස් යන්න වගේ නම් ඔෆිස් පෑන්ට්ස්, ටයිට් ස්කර්ට්ස් වගේම ට්‍රිප් එකක් යන්න ලූස් පෑන්ට්ස්, ටී ශර්ට්ස් වගේ මැච් වෙනවා. හැබැයි සමහරු බීච් යන්න වගේ ඇඳගෙන ඔෆිස් එන වෙලාවලුත් තියනවා වගේම ට්‍රිප් එකක් යන්න අඳින්නෙ ඔෆිස් එකට යන්න වගේ ෆෝමල් ඇඳුම්.
ඉන්ටර්වීව් එකක් වගේ වැදගත් ගමනක් යනකොට සාරි එකක්, ලා පැහැති හෝ සුදුපාට ටොප් එකක් සමඟ කළු පෑන්ට් එකක් හෝ ස්කර්ට් එකක් මැච් වෙනවා. වෙඩින් එකකට වගේ ටිකක් වර්ණවත් ඇඳුම් සිලෙක්ට් කළාට කමක් නෑ. එක එක්කෙනාගෙ ශරීර පැහැයන් වෙනස් නිසා ගන්න වර්ණයන් තමන්ගෙ පැහැයට ගැලපෙන්න වගේම අවස්ථාවට ගැලපෙන්නත් ගන්න වග බලාගන්න ඕන.
2. ශරීරයේ හැඩයට අනුව තෝරාගැනීම
ඔයා කෙට්ටු කෙනෙක්ද, මහත කෙනෙක්ද, උස අඩුද වැඩිද? මේ ඔක්කොම ඇඳුමක් තෝරනකොට බලන්න ඕනේ. ගොඩක් කෙට්ටු කෙනෙක් නම් ඇඟට ඇලෙන ඇඳුම් අඳින්න එපා. ඒකෙන් ඇඟේ කෙට්ටු ගතිය අනවශ්‍ය විදියට පෙන්නනව. එහෙම අයට ගොඩාක්ම ඇඟට ඇලෙන්නෙත් නැති, එල්ලා වැටෙන්නෙත් නැති කපු රෙද්දෙන් මහපු ඇඳුම් වැඩියෙන් ගැලපෙනවා.
සාමාන්‍යයෙන් මහත, කර්වි ඇඟක් තියන අයට දිග ඉරි සහිත ඇඳුම්, ඩාක් කලර්ස් වගේ මැච් වෙනවා. ඒ වගේ සාමාන්‍ය මහතක් තියෙන අයට අත් රහිත ඇඳුම් මැච් උනත්, අතේ උඩ කොටස ගොඩක් මහත අය නම් කෙටි අතක් එක්ක අඳින එකයි සුදුසු. ඒ වගේම මහත අය ගවුම් එහෙම ගන්නවා නම් ඉණ ඉහළින් තියෙන ගවුම් විලාසිතා තෝරගන්න එකෙන් මහත ගතිය අඩු කරගන්න පුළුවන්. Apple, Banana, Pear, Hourglass වගේ හැඩයන් තමා ලංකාවෙ අපේ කාන්තාවන්ට වැඩිපුරම තියෙන්නෙ. ඒ අනුව ඇඳුම් තෝරගන්න එක වැදගත්. උසින් අඩු අයට ගැලපෙන්නෙ කොට ඇඳුම්. උස අයට තමා දිග ඇඳුම් වලින් වඩාත් ලස්සන පෙනුමක් එන්නෙ. ඇඟ ශේප් එකට තිබ්බත් උරහිස් පළල් නම් එහෙම අයට ඕෆ් ශෝල්ඩර් ඇඳුම් මැච් වෙන්නෙ නෑ.
3. යට ඇඳුම් තෝරා ගැනීම
මෙන්න මේ කාරණාවට තමා අපේ ආටිකල් එකේ වැදගත්ම තැනක් දෙන්න ඕනේ. මොකද අපි තෝරගන්න යට ඇඳුම අනුව තමා උඩට අඳින ඇඳුමෙ පෙනුම රඳා පවතින්නෙ. මූලිකවම අපි යට ඇඳුම් තෝරගන්නකොට ශරීරයේ ප්‍රමාණයට අනුව තෝරගන්න ඕනේ. හරි විදියට බ්‍රා එකක් තෝරගන්න හැටි ගැන අපි මීට කලින් ලිපියක කතා කරල තියෙනව. ඒ වගේම ඒකෙ බ්‍රෑන්ඩ් එක ගැනත් සැළකිලිමත් වෙන්න. මොකද මේ ඇඳුම් අඳින්නෙ අපේ ශරීරයට. ඒ නිසා අපි කොලිටි එකක් ඇති යට ඇඳුම් හැමවෙලේම තෝරගන්න ඕනේ. ප්‍රමාණෙට වඩා අඩු ඇඳුමක් හෝ විශාල යට ඇඳුම් ඇන්දම උඩින් අඳින ඇඳුමෙ ලස්සන පේන්නෙත් නෑ. මහත අයටත්, මහතම නැති වුණත් පොඩි බඩක් තියෙන අයටත් ඇඟේ හැඩට මනාව ඉස්මතු කරන්න බඩට ගර්ඩ්ල් එකක් පාවිච්චි කරන්න පුළුවන්.
4. ඇඳුමට ගෙවන වටිනාකම
ඇඳුම් තෝරගන්නකොට ගොඩක් වැඩි ගණන් වලට ඇඳුම්ම ගන්න ඕන කියන්න කාටවත් බෑ. මොකද එක එක්කෙනාගේ ආර්ථික මට්ටම අනුවනෙ ජීවත් වෙන්නෙ. ඒත් මේ කියන්න යන්නෙ ඒක නෙමෙයි. ඔයා තෝරගන්න ඇඳුමට සරිලන වටිනාකමක් තියනවනෙ. අන්න ඒකට ගැළපෙන්න ඇඳුම් ගන්න ඕනේ. නොවටිනා ගණන් දීලා ඇඳුම් ගන්න එපා. ඒ වගේම ගෙවන ගාණට රෙද්දෙ ගුණාත්මකභාවය, ඇඳුමේ ඩිසයින් එක, මැහුම් වල කොලිටි එක මේ ඔක්කොම බලලා තමා මිලදී ගන්න ඕනේ. සමහර වෙලාවට තමන් කැමති ඩිසයින් එකක් මස්සවගන්න එක රෙඩිමේඩ් ඇඳුමක් ගන්නවට වඩා වාසිදායක වෙන්න පුළුවන්. ඇඳුමකට මුදලක් වියදම් කරන්න කලින් මේ හැමදේම ගැන හිතන්න.
5. ඇඳුම් තෝරගන්න ගත කරන කාලය
කඩේකට ගියාම අපිට ඕන ඇඳුම් කැටගරි වලත් නානාප්‍රකාර ඇඳුම් තියනවා. උදාහරණයක් විදියට හිතන්න අපි වෙඩින් එකකට අඳින ඇඳුමක් ගන්න ගියා කියලා. සාරි, සල්වාර්, ගවුම් මේ හැමදෙයක්ම තියනවා. ඒත් අපි තෝරගන්නකොට කඩේ තියන මොකක් හරි එකක් අරන් එන න්‍යාය නෙමෙයි අපිට ඕන විදියෙ ඇඳුමක් තෝරගන්නයි ට්‍රයි කරන්න ඕනේ.
මේ නිසා ඇඳුමක් ගන්න හිතනව නම් ඒ වෙනුවෙන් වෙනම වෙලාවක් වෙන් කරගන්න. වෙන වැඩ ගොඩක් අස්සෙ ඇඳුම් ගන්න ගියාම එතන තියෙන මොකක් හරි එකක් එවලෙට අරගෙන එන එක වියදම් කරන මුදලටත් අපරාධයක්. තමන්ට හරියටම ගැලපෙන ඇඳුමක් තෝරගන්න තරම් නිදහසක් තියෙන වෙලාවක් මේ වෙනුවෙන් වෙන් කරගන්න. ඇඳුම් ගන්න යන්න කලින් තමන්ට ඕන මොන වගේ ඇඳුමක්ද කියල කලින්ම තීරණය කරගෙන යන එකෙන් අනවශ්‍ය කාලයක් වැය නොකර ඇඳුම් ගන්න පුළුවන්.
The post කාන්තාවන් ඇඳුම් තෝරාගැනීමේදී මෙන්න මේ කරුණු ගැන සැළකිලිමත් වෙන්නම ඕන appeared first on Lifie.LK.
Saru FM Media