පිළිකාවක් කියන වචනය ඇහුනත් ඔබ අනිවාර්යයෙන්ම භීතියට පත්වෙනවා.නමුත් පිළිකාවක් එහි මුල් අවධියේදිම හඳුනා ගෙන ප්‍රතිකාර කලොත් රෝගියාට එයින් ලොකු බලපෑමක් අත්වෙන්න තියන ප්‍රවණතාව අඩුයි.මේ ලිපියෙන් අපි ඔබව දැනුවත් කරන්න හදන්නේ කාන්තාවන්ට බහුලව වැළඳෙන එවැනි පිළිකා ගැනයි
ලංකාවේ බහුලම පිළිකා වර්ගය තමයි පියයුරු පිළිකාව.වසරකට 4500 කට ආසන්න කාන්තාවන් ප්‍රමාණයක් පියයුරු පිළිකාවන්ට ගොදුරු වෙන අතර ඉන් මරණ 1500 ක ප්‍රමාණයක් වාර්ථා වෙනවා.බහුතරයකට වැළඳෙන පිළිකා තත්වයක් උනත් මෙය නරකම ගනයට වැටෙන පිළිකා තත්වයක් නම් නෙමෙයි.සුව කල හැකි තත්වයක් වෙන මෙය මුල් අවධියේදීම හඳුනා ගැනීම වැදගත්.
මැමෝග්‍රෑම් පරික්ශාවක් මඟින් පියයුරේ ඇතිවන වෙනස්කම් වලින් කාන්තාවකට පියයුරු පිළිකාවක් ඇත් දැයි පරික්ශා කරගත හැකිය.සාමාන්‍යයෙන් වයස අවුරුදු 50 – 70 අතර වයසේ පසුවන අයට වසර දෙකකට වරක් මෙම පරික්ශාව සිදු කරගන්නා ලෙසට වෛද්‍යවරුන් නිර්දේශ කරනවා
ලංකාවේ කාන්තාවන් අතර සුළබතාවය අතින් දෙවනි ස්ථානයට පත්ව තිබෙන්නෙ ගැබ් ගෙල පිළිකාවයි.සෑම වසරකදිම කාන්තාවන් 950 දෙනෙක් පමණ මෙම රෝගයට ගොදුරු වන අතර 643 ක් පමණ මරණයට පත්වන බවද ගණන් බලා ඇත.
ගර්භාෂයේ පහලම කොටස සහ යෝනි මාර්ගයේ ඉහලම කොටසත් සම්බන්ධ කරන කුඩා නමුත් වැදගත් ව්‍යුහය වන්නෙ ගැබ්ගෙලයි.සවිමත් සිනිඳු පේශි වලින් සෑදි ඇති මෙය ඔසප් රුධිරය පහලට එවමින්ද ,ලිංගික එක්වීමකදි ශුක්‍රාණු ගර්භාශය තුලට යැවීමටද උපකාරී වෙනවා.ගැබ්ගෙලේ ඇති විවරය අස්තරණය කරන අපිච්චද සෛල වල ඇතිවන වෙනස්කම් ගැබ්ගෙල පිළිකාවට හේතු වෙනවා
මෙහිදි පිළිකාවේ මුල් අවධියේදි රෝග ලක්ශන කිසිවක් පෙන්නුම් නොකරන අතර රෝගය පැතිරී අවසාන අවධියේදි රෝග ලක්ශන මතුවෙයි
ගැබ්ගෙල පරික්ශනය හෙවත් පැප් පරික්ශණය මගින් රෝගය කල් ඇතිව හඳුනාගත හැකිය
ගැබ් ගෙල පිළිකාවක් මූලික ම අවස්ථාවේ හඳුනා ගැනීම මෙහි අරමුණයි. 90% ගැබ් ගෙල පිළිකා සැදෙන්නේ HPV නම් වෛරසය මගිනි. එය ලිංගිකව සම්ප්‍රේෂණය වන වෛරසයකි.කෙසේ උනත් වෛරසය ශරීර ගත වූ පමණින් ගැබ්ගෙල පිළිකා වැළඳෙන්නෙ නැත. බොහෝවිට ශරීර ප්‍රතිශක්තිය මගින්ම එය ඉවත් කෙරෙනවා. එහෙත් දුම්බීම ,නැවත නැවත වෛරසය ශරීර ගතවීම වැනි කාරණා නිසා වෛරසය මගින් පිළිකා ඇති කිරීමේ ප්‍රවණතාව වැඩිවේ.
පැප් පරීක්‍ෂණය මගින් ගැබ්ගෙල පිළිකාව මූලිකම අවස්ථාවේදී (Early cancer stage) හෝ පුර්ව පිළිකා අවස්ථාවේදී (Pre-cancer stage) හඳුනා ගත හැකි වෙනවා. එයට මූලික අවස්ථාවේ ප්‍රතිකාර කිරීම මඟින්, පිළිකාව නිට්ටාවටම සුව කරගත හැකියාවක් පවතිනවා
වෛරසය මගින් මුලින්ම ගැබ්ගෙල සෛල බෙදීමේ වේගය වැඩි කරයි.එය පිළිකා පූර්ව තත්වයක් (Pre-Cancer) ලෙස හැදින්වේ. ගැබ්ගෙල පුර්ව පිළිකා තත්වය මුලික පිළිකාවක් බවට පත්වීමට වසර 8ක පමණ කාලයක් ගතවේ. එමනිසා පළමූ ලිංගික සංසර්ගයේ සිට වසර 5 කින් පැප් පරීක්ෂණය සිදු කිරීමට වඩා යෝග්‍ය වේ.
විවිධ රටවල මධ්‍න්‍ය වයසක් මේ සදහා තීරණය කර ඇත. එය ලංකාවේ අවු 30 ලෙසද හදුන්වා ඇතත් කාන්තාවකට ඕනෑම අවස්ථාවක පැප් පරීක්ෂණයක් ඉල්ලා සිටිය හැක. පරීක්ෂණයේ ගැටළුවක් නැති නම් එය වසර තුනෙන් තුනට කිරීම ප්‍රමාණවත් වේ
මෙය යෝනි පරික්ෂාවකි. Spculum නමැති උපකරණය යෝනි මාර්ගය තුලට ඇතුලු කර ,ගැබ්ගෙල බුරුසුවකින් පිහිදා සෛල ලබාගනු ලැබේ .මේවා අන්වීක්ෂයෙන් පසුව පරික්ෂා කෙරේ. මෙම සෛල වර්ණ ගන්වන ක්‍රම (staining) දෙකකි. පැරණි පරීක්ෂණය Papanicolaou stain ලෙස හැදින්වේ. නවතම Liqiud base cytology ක්‍රමය වඩා නිරවද්‍ය වේ.
පිළිකා සංවිධානයේ තොරතුරු අනුව ලෝකයේ බහුලව පවතින දෙවන පිළිකා විශේශයයි.මෙය සාමාන්‍යයෙන් මුල් අවධියේදි හඳුනා ගැනීමට ඇති හැකියාව ඉතා අඩුය.සෑම කාන්තාවන් 17 දෙනෙකුගෙන් එක් අයෙකුට පෙනහලු පිළිකා වැළඳෙන බවට මේ වනවිට ගණනය කර තිබෙනවා.
මෙහිදි මූලික පරික්ශණ කීපයක් කොට පිළිකාව පවතින්නේ කුමන අවධියේද යන්න සොයා ගැනීම සිදු කෙරේ
රුධිර පරික්ශණද මේවාට ඇතුලත් වේ
ශල්‍යකර්ම
පිළිකාව ආරම්භක අවධියේ ඇත්නම් පැතිර ඇති කොටස ඉවත් කිරීම මින් සිදු කෙරේ
රේඩියෝ චිකිත්සා
මෙමගින් පිළිකා සෛල විනාශ කිරීම කරන අතර මෙයද ආරම්භක අවධියේදි කරන ප්‍රතිකාරයකි
පිණ්ඩක විච්ඡේදනය
සම්පූර්ණ ආසාදිත කොටස ඉවත් කිරීම මෙමගින් සිදු කෙරේ.පිළිකාව තිබියදිත් පෙනහලු හොඳින් ක්‍රියාකරනවා නම් මෙම ක්‍රමය ඉතා සාර්ථකය
කාන්තාවන් අතර බහුල පිළිකා තත්වයන් කීපයක් ගැනයි මේ ලිපියෙන් ඔබව දැනුවත් කලේ.පිළිකාවක් මුල් අවධියේදි හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් එය සුව කරගත හැකි නිසා මෙවැනි පිළිකා පිළිබඳව දැනුවත් වී සිටිම ඔබට වඩාත් වැදගත් වනු ඇත.
Saru FM Media