කාන්තාවන්ටම වෙන්වූ නීති ගැන දැනුවත් වෙන්න!

0
13


සමාජය තුළ කාන්තාව යනු ශරීර ස්වභාවය අනුව පිරිමියාට වඩා දුර්වල චරිතයක් ලෙසයි සැලකෙන්නේ.මවකගේ මුදු ගුනය මිස හැඩි දැඩි අවයව සොබා දහම ඇයට ලබාදී නෑ. මේ නිසාම ඇය බොහෝ විට අතවරයට ලක්වන අවස්ථාවන් බොහොමයි. මේ නිසාම කාන්තාවගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් බොහෝ නීති සකසා තිබෙනවා. නමුත් ගැටලුව වන්නේ බොහොමයක් කාන්තාවන් ඒ පිලිබඳව නොදැන සිටීමයි. එවැනි දැනුවත් බවකින් සිටිනවා නම් නිවසේදී මෙන්ම මගතොටේදීත්, කාර්‍යාලයේදීත් ඇය කිසිවිටෙක ගොදුරක් නොවනු ඇති

සමාජ අවශ්‍යතාවයන් සමග කලින් කලට නීතිමය කරුණු සම්පාදනයට ලක්වෙනවා. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය  වැළැක්වීමේ පනත ද එසේ කාලීන අව්ශ්‍යතාවය සමග මෙරට නීති අතරට එක්වූ පනතක්. එමගින් කාන්තා අයිතිවාසිකම් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

මෙයද ඉතාමත්ම වැදගත් පනතක්. විවාහවී සිටියදී ස්වාමිපුරුෂයා බිරිඳව නඩත්තු කිරීමේ කටයුතු පැහැර අරිනවා නම් ඊට එරෙහිව ගත හැකි නීතිමය කරුණු වඩාත් පැහැදිලිව මෙහි දක්වා තිබෙනවා. එසේම යම් අවස්ථාවක සැමියා නඩත්තු ගෙවීම පැහැර හැරියොත් ඒ සඳහා ගතහැකි නීතිමය පියවරද මෙහි පුලුල් ලෙස අර්ථ දක්වා තිබෙනවා. මේ වනවිට නඩත්තු පනත තවත් සංශෝධනය වී ඇති අතර එමගින් අවිවාහකව එකට ජීවත් වූ පිරිමියාගෙනුත් නඩත්තු ලබා ගැනීමට හැකිවීම දක්වා මෙම නීති පුලුල් වී තිබෙනවා.

මෙහිදී කාන්තාවන්ට සිදු කරන ලිංගික හිංසනයන් සහ එවැනි ඕනෑම වරදකට දිය හැකි දඬුවම් පිලිබඳ සවිස්තරව දක්වා තිබෙනවා. බලහත්කාරය කාන්තාවන්ට එරෙහිව සිදු කරන දෙයක් ලෙස ගත්කල චලනය කිරීමක්, චලනය වීම නතර කිරීමක්, යම් ද්‍රව්‍යක් හෝ අවයවයක් කාන්තාවකගේ ශරීරයේ හෝ ඇඳ සිටින ඇඳුමේ ගෑවෙන්නට සැලැස්වීම හෝ ඇයගේ ස්පර්ශ සංවෙදනය කෙරෙහි බලපෑම් ඇති කරන කුමන හෝ දෙයක් සිදු කිරීම බලහත්කාරය පෑමක් වෙනවා. එවන් වරදක් සිදු කරන පුද්ගලයෙකු බරපතල වැඩ ඇතිව හෝ නැතිව බන්ධනාගාර ගත කිරීමක් හෝ දඩයකින් දඬුවම් පැමිණවීමක් සිදු කල හැකියි.

එසේම 1995 අoක 22 සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 363 ඉ වගන්තියට අනුව ස්ත්‍රියගේ වයස අවුරුදු දාසයට අඩුවන විට ඇයගේ කැමැත්ත ඇතිව හෝ නොමැතිව ඇය සමග ලිංගික සංසර්ගයේ යෙදීම ස්ත්‍රී දූෂණයක් ලෙස දක්වනවා. ඉහත පනත මගින් එම වරද සඳහා අවම දඬුවම ලෙස අවුරුදු හතක්ද උපරිමය අවුරුදු විස්සක් ලෙසද දක්වා තිබෙනවා.

මෙහීදී ලිංගික ප්‍රවේශයක් සිදුවීම මත හෝ ශරීරයට  බරපතල ලිංගික අපයෝජනයක් සිදුවීද යන්න වෛද්‍ය සාක්ශි මෙන්ම අදාල කන්තාවගේ ප්‍රකාශයන් මත තීරණය වනවා.

සමාජය හැම විටම දියුණු මිනිසුන්ගෙන් පිරී නැහැ. ඒ නිසාවෙන් ඔබ වෙනුවෙන් සැකසූ නීති පිලිබඳ ඔබේ දැනුවත් බවද ඔබේ ආරක්ෂාවට හේතුවනවා.

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here