කාන්තාවන්ගේ පියයුරු ගැන සමාජය තුළ පවතින මිථ්‍යා මත ගැන නිවැරදිව දැන ගනිමු .

0
9


කාන්තාවන්ගේ ලස්සන ගැන කතා කරද්දී පියයුරු වර්ණනා කරන තැන් සාහිත්‍ය තුළ ඕනෑ තරම් අපිට මුණ ගැහෙනවා. පියයුරු වල පෙනුම සහ හැඩය කාන්තාවකට ලස්සනක් අරන් එන බව අපිට පිලිගන්න පුළුවන්.අපි බොහෝ ව්ට ඇඳුම් අඳිනකොටත් පියයුරුවල පිහිටීමට සැලකිල්ලක් නොදන්වා ඉන්නේ නැහැ.ඒ වගේම තමයි.මේ ලෝකයට ආව ගමන් අපි තුරුළු වෙන්නේ අම්මාගේ ළයට.ඇගේ පියයුරකට. ආදරය ගැන මුල්ම හැඟීම අම්මාගේ පියයුර නිසා උපදිනවා කියන කාරණාවත් අපට ඉවත දමන්න බෑ.

රූපයේ ලස්සන, දරුවෙකු පෝෂණය කිරීම වගේ කාරණා වලට සොබාදහම කාන්තාවන්ට තිළිණ කළ පියයුරු ගැන අපි බොහෝ මිථ්‍යා මත දරන බව මම ඔබට කිව්වොත් ඔබ එය පිළි ගන්නවාද? අම්මා, අත්තම්මා,වැඩිහිටි නෑදෑ ස්ත්‍රීගෙන් පමණක් නෙවෙයි අපි ඇසුරු කරන මිතුරියන්, ෆේස්බුක් සමූහ වගේ තැන්වලින් පවා අපි මේ වැරදි මත ඔලුවට පුරවා ගන්නවා. ඊට පස්සේ සහමුලින්ම වියවුලට පත් වෙනවා.

ඒනිසා මේ මිථ්‍යා මත සහ ඒවා අපිට මොනතරම් බලපානවා ද කියලා අපි කතා කරමු.

මෙය බොහෝ කාන්තාවන් අතර පවතින මිථ්‍යාවක්.ඔබ වැඩුණු පසු බ්‍රා සයිස් එක එකක්ම විය යුතු බව කාන්තාවන් හිතනවා. නමුත් ඔබ දැන ගත යුතු දෙයක් තමයි ඔබේ සිරුරේ බර වැඩි වෙන විට, ගර්භනී කාලයේ සහ ඉන්පසු වගේම සිරුරේ හෝමෝන් වෙනස්කම් නිසා පියයුරු ප්‍රමාණය ද විශාල වෙන බව.ඒ නිසා නව යෞවනියක කාලයෙන් පසු ඔබට සෑම විටම එකම ප්‍රමාණයේ පියයුරු පැවතිය යුතු බව සිතන්න එපා.

“ඔයාට කිරි නැත්තේ බ්‍රෙස්ට් එක පොඩි නිසා” ඔබ මේ කතාව අසා තිබෙනවා නම් වහාම එය හිතෙන් මකා දමන්න.ඔබේ පියයුරුවල තරම කිසිසේත්ම කිරි නිෂ්පාදනයට වැදගත් නෑ.ඒ වගේම ඔබේ පියයුරු තුඩු වල ප්‍රමාණයත් දරුවාට කිරි උරා බීමට ගැටලුවක් වෙන්නේ නෑ.මව්කිරි හීනතාවයක් ඇති නම් එසේ වන්නේ කුඩා පියයුරු නිසා යන මිථ්‍යාව අමතක කර ඔබ වෛද්‍යවරයෙක් මුණ ගැසී කිරි ගැටළුව විසඳා ගන්න.

මේ තවත් බොරුවක්! කිසිසේත්ම එසේ වන්නේ නැහැ. වයසට යද්දී අපේ සිරුර එල්ලා වැටීම් වලට ලක් වෙනවා. එය තමයි හේතුව. මව්කිරි දීම සහ පියයුරු එල්ලා වැටීමට කිසිම අන්තර් සම්බන්ධතාවයක් නැහැ.ඒ නිසා මව්කිරි ලබා දීම ළමා විශේෂඥ වෛද්‍යවරයා පවසන ලෙසම සිදු කරන්න. ඔබේ පියයුරු එල්ලා වැටීමට ඔබේ වැරදි ඉරියව් සහ වයස්ගත වීම් බලපාන නිසා මෙන්න මේ ව්‍යායාම වලට යොමු වෙන්න (ලින්ක්)

නැහැ.එයත් මිථ්‍යාවක්. ඔබේ සිරුරේ ප්‍රමාණය තමයි මූලිකම හේතුව වන්නේ. ඔබේ අම්මාට හෝ සහෝදරියට විශාල ළය මඩලක් තිබීම ඔබටත් මැදි වියට ළං වෙද්දී ව්ශාල පියයුරු ලබා දෙන්න හේතුවක් වන්නේ නැහැ. ආහාරරටාව ගැන ප්‍රවේසම් වී සිරුරේ බර පවත්වා ගැනීම පමණක් සිදු කරන්න.හෝමෝන වල ගැටලු තිබෙනවා නම් ඒවාට ප්‍රතිකාර ගන්න. එය ඔබේ පියයුරු නිවැරදි ප්‍රමාණයෙන් පවත්වා ගන්න හේතුවක්.

ඔබට මතකද? හරි විදියට බ්‍රා එක තෝරා ගන්න හැටි අපි මීට පෙර කතා කළා. ඔබ ගැළපෙන බ්‍රා එක නොඇන්දොත් සිරුරේ හැඩයටත් ඔබේ පෙනුමටත් එන්නේ අවලස්සනක්. ඒ නිසා බ්‍රා සයිස් එක ගැන දැනුවත් වෙන්න. ඔබ තිස්දෙකේ ප්‍රමාණය අඳිනවා නම් හැම බ්‍රෑන්ඩ් එකකම තිස් දෙකේ ප්‍රමාණය හරියන්නේ නැති වෙන්න පුලුවන්. ඒ නිසා ඔබ විවිධ බ්‍රැන්ඩ් සහ බ්‍රා වර්ග පාවිච්චි කරනවා නම් ඇඳලා බලලම ගන්න.

නොහැකියි! ඔබේ පියයුරු පටක වලින් මිසක් මාංශ පේෂීන් වලින් හැදී නැහැ. ඒ නිසා වර්ක් අවුට් කිරීමක් ඔබේ පියයුරු වල එල්ලා වැටීම් පාලනය කරනවා මිසක් ඒවා විශාල කරන්නේ නෑ. ඒ නිසා නිවැරදි හැඩය ලබා ගන්න පමණක් ව්‍යායාම වලට යොමු වෙන්න.විශාල කිරීම් සහ කුඩාකිරීම් සිදු කරන්න ව්‍යායාම වලට බෑ.

මෙයත් එතරම් සත්‍ය ප්‍රකාශයක් නෙවෙයි.10% සම්බන්ධයෙන් පමණයි මේ කතාව ඇත්තක් වෙන්නේ.අනිත් හැම කෙනෙකුටම බලපාන්නේ සෞඛ්‍ය හේතුන්. ඒ නිසා 35 න් පමණ පසු ඔබ පියයුරු පරීක්ෂාවක් කර ගැනීම හරිම වැදගත්.”අපේ පවුලේ කාටවත් ඕවා තිබුණේ නැහැ” කියා මෙය ඉවත දැමීම කළ යුතුම නෑ.

ලිංගික ක්‍රියාවල නිරත වීම නිසා පියයුරු වල ප්‍රමාණය වෙනස් වන බව පැවසෙනවා. එයත් බොරු කතාවක්. ඇල්ලීම සහ සිප ගැනීම වැනි දේ නිසා පියයුරුවල හැඩයට වෙනස්කම් සිදු වන්නේ නෑ.

එහෙම වෙන්නෙත් නෑ.ඔබේ නිදා ගැනීමේ ඉරියව්ව නිසා කොහොමවත් පියයුරු වෙනස් වන්නේ නෑ. ඔබ නිදා ගන්නා විට බ්‍රා එකක් නොඅඳින තරමටත් වඩා හොඳයි. ඔබට අඳින්නට අවශ්‍යමනම් කොට්න් රෙද්දෙන් කළ බ්‍රා එකක් අඳින්න.

ඒකත් එහෙම විය යුතු නෑ.ඔබේ සිරුර සම්පූර්ණයෙන් ම එක සමාන වන්නේ නැ.ඒ නිසා පියයුරු දෙකත් පුංචි ප්‍රමාණයක් එහෙමෙහෙ වෙන්න පුලුවන්.ඒත් එය ඔබේ ලස්සනට හෝ සෞඛ්‍යමත් බවට බලපාන්නේ නෑ

ඔබ දන්නවද? අවසානයට ලිව්වත් මේ තමයි නරකම කතාව. එහෙම දෙයක් කොහොමවත් පිළි ගන්න එපා.පියයුරු එල්ලා වැටීමට සහ ඇදීමට ලක් වෙන්න ලොකුම හේතුව බ්‍රා එක අඳින්නේ නැතුව ඉන්න එක. ඒ නිසා කුඩාම ප්‍රමාණයේ බ්‍රා එකක් අඳින්න වුණත් එය අඳින්න.ප්‍රමාණය නෙවෙයි ලස්සනට ඉන්න හේතුව. එල්ලා නොවැටී පියයුරු පවත්වා ගැනීම.

දැන් ඔබට තේරෙනවද?

අපි සිරුර ගැන මොනතරම් මිථ්‍යා මතවල ඉන්නවද? ඒ නිසා නිතරම හරි දේ පිළි ගන්න.එය ලස්සනට ඉන්න වගේම සෞඛ්‍යමත් ජීවිතයකටත් හරි වැදගත්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here