හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට අදාළව මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජනබල වේගයේ අපෙක්ෂකයකු වශයෙන් තරඟ කරනු ලබන අයකු අත් අඩංගුවට ගත් බව හම්බන්තොට පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේම පදිංචි අයෙකි.
හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක හම්බන්තොට පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව හම්බන්තොට ළමා හා කාන්තා කාර්යාංශයේ නිළධාරීන් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (09) දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Saru FM Media