කාඩ්පත් මගින් ගාස්තු ගෙවන මගියාට අමතර අයවීමක් නෑ-බිමල්

0
1

රට පුරා හඳුන්වාදෙන ඩිජිටල් විසදුම් යටතේ මෙරට පොදු ප්‍රවාහන සේවාව වෙනුවෙන් නව වැඩසටහනක් අද (24දා) දින ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙනු ලැබීය.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශකත්වය මත ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රවාහන සේවය තවත් ශක්තිමත් කිරීමත්ල විනිවිදභාවය මගීන් සහ කොන්දොස්තර මහත්වරුන් අතර තව දුරටත් තහවුරු කිරීමටත්ල මගී පහසුව වෙනුවෙනුත් විද්‍යුත් කාඩ්පත් හරහා ගෙවීම් සිදු කිරීමේ වැඩසටහන අද මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේ දී අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

එහිදී අමාත්‍යවරයා කියාසිටියේල බස් ගාස්තු විද්‍යුත් කාඩ්පත් හරහා ගෙවීම් කිරීමේදී මගීන්ගෙන් අමතර ගාස්තුවක් අය නොකෙරෙන බවයග බැංකු ගාස්තුව ගෙවීම බස් හිමියන් වෙත පැවරේග ඒ අනුව බස්ගාස්තු කාඩ්පත් මගින් ගෙවීමෙන් මගීන්ට වැඩි මුදලක් වැයකිරීමට සිදු නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

නව ක්‍රමවේදයෙන් මගීන්ට අමතර මුදලක් වැය නොවන අතර නියමිත ගාස්තුව පමණක් ගෙවීමේ හැකියාව ද ලැබේග කාඩ්පත් මගින් බස්ගාස්තු ගෙවීම් වැඩපිළිවෙළ ඉදිරි දින කිහිපයේදී සමීපව නිරීක්ෂණය කරන බව ද අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

එහිදී හඳුනා ගැනෙන ප්‍රබලතා සහ දුබලතා මත කාඩ්පත් ක්‍රමය තවදුරටත් සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයිග මෙම ක්‍රමවේදය මගින් බස් මගීන්ට සිය ගමනාන්තය වෙනුවෙන් නියමිත මුදල පමණක් ගෙවීමේ හැකියාව ලැබේ.

ඊට අමතරව බස් හිමියන්ට ද ප්‍රතිලාභ හිමිවන බව බස් ගාස්තු කාඩ්පත් මගින් ගෙවීමේ නියමු ව්‍යාපෘතිය මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ආරම්භ කරමින් අද සඳහන් කළේය. බස් මාර්ග කිහිපයක අද සිට මෙම ක්‍රමවේදය ආරම්භ කෙරේග හෙට සිට තවත් මාර්ග කිහිපයකට ක්‍රමවේදය හඳුන්වා දීමට සැලසුම් කර ඇත. පොදු ප්‍රවාහන සේවය සංවර්ධනය කිරීම රජයේ ප්‍රධානතම අපේක්ෂාවකි. ඒ සඳහා ඉදිරියේදී ද තවත් ක්‍රියාමාර්ග රැසක් අනුගමනයට රජය සූදානම් බවද අමාත්‍යවරයා පැවසීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here