ක්වික් පොටෑටෝ චිප්ස් (Quick Potato Chips)

0
9


පොටැටෝ චිප්ස් කියන්නේ ලොකු-පොඩි හැමෝම කන්න කැමති කෑමක්… ඒ නිසාම සුපර් මාකට් වල තියෙන චිප්ස් පැකට් වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. නමුත් සෞඛ්‍ය ආරක්ෂිතව ගෙදරදීම අඩු කාලයකින් ඔබටම පොටෑටෝ චිප්ස් හදාගන්න පුළුවන් විදිහක් තමයි අද Chef චතුරිකා කියලා දෙන් යන්නේ..

අවශ්‍ය ද්‍රව්‍ය:

  • හොඳින් සෝදා පොතු හැරගත් අල 200g ක්
  • ඔලිව් තෙල් 10 ml ක්
  • ලුණු රස පදමට
  • පැප්රිකා කුඩු / මිරිස් කුඩු තේ හැඳි 1 ක්

සාදන ක්‍රමය:

  1. අල ඉතා සිහින් ලෙස කපා ගන්න.
  2. එයට තෙල් එක්කර හොඳින් අල පෙත්තේ දැවටෙන ලෙස පරිදි තවරාගන්න.
  3. මයික්‍රෝ වේව් උඳුනක උපරිම උෂ්ණත්වයෙන් (High Power) විනාඩි 5 පිස ගන්න.
  4. අවශ්‍ය පමණ ලුණු කුඩු සහ පැප්රිකා කුඩු එක්කර නොකැඩෙන ලෙස මිශ්‍ර කරගන්න.

මෙසේ සකසාගත් චිප්ස් සුළං නොවදින ලෙස අසුරා තබා කුඩා දරුවන්ට අවශ්‍ය විටෙක ආහාරයට ලබාදෙන්න. මේ ආකාරයෙන්ම බතල, කැරට් සහ වට්ටක්කා වුවද චිප්ස් ආකාරයට සකසා ගත හැකියි…

Chef



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here