නිශ්මං රණසිංහ මැයි 04, කොළඹ LNW:
රටේ ක්‍රීඩාවේ පෝෂණය වර්ධනය කරන්නට ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික පෝෂණ අංශයේ සහය ගනිමින් ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ මැදිහත්වීම මත ක්‍රීඩා සංගම් සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කළ ක්‍රීඩා පෝෂණය සම්බන්ධ online පාඨමාලාව අවසන් කළ පිරිසට සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවත්විණි. මේ පාඨමාලාව ක්‍රීඩක ක්‍රීඩකාවන් හා පුහුණුකරුවන් 140 ක් ඉලක්ක කර ගනිමින් පැවත්විණ.
මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් ගැටලු රාශියක් තිබෙන බවත්, ගාල්ල අක්මීමනදීත්, යාපනයේදීත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් මූලිකවම අහන්න ලැබුණු ගැටලුවක් වූයේ ඔවුන්ගේ පෝෂණය සඳහා අවශ්‍ය ආහාර නොමැති වීමෙන් ඔවුන් අපහසුතාවයට ලක් වූ ඛේදජනක පුවත් බවත්, අමාත්‍යවරයා මෙහි දී අදහස් දක්වමින් පැවසුවේ ය.
ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ දියුණු තැනකට ගෙන ඒමේ දී, පෝෂණය සම්බන්ධයෙන් දැනුවත් කරන මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක වීම ඉතා වැදගත් බවත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් සොයා බලා, නිසි ක්‍රමවේදයකට ඉදිරියේ දී හැකි උපරිමයෙන් ක්‍රියාමාර්ග ගැනීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ලෙස වගබලා ගන්නා බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.
මෙම අවස්ථාවට පෙර අදාළ පාඨමාලාවේ අරමුණු සහ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් විෂයානුබද්ධ ප්‍රවීනයන් අතින් සිදු විය.එම අවස්ථාවට වයඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හර්ෂි ගුණවර්ධන,මහාචාර්ය රේණුක ද සිල්වා,වයඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික පෝෂණ අංශයේ මහාචාර්ය ආනන්ද චන්ද්‍රෙස්කර ද එක් වූ අතර ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් ඒකනායක ද,පෝෂණවේදිණි උපුලි දහනායකද එක් වී සිටි අවස්ථාවක් ද,අමාත්‍යවරයා විසින් පාඨමාලාලාභියෙකුට සහතික ඉදිරිපත් කරන අවස්ථාවක් ද ඡායාරූපවල ඇත.
http://www.sportwaynews.com/
Saru FM Media