නිශ්මං රණසිංහ පෙබරවාරි 23, කොළඹ LNW:
සීආර් ක්‍රීඩාංගණය හිස් ගොඩකි.ඒවා හිස් නැත.බලාපොරොත්තුවලින් පිරී ඇත.සමහර බලාපොරොත්තු කොළඹ ඇවිත් තිබුණේ ඒ බලාපොරොත්තු සමඟ මැලිබන් ජාතික රග්බි කුසලානයට දමාගෙන ජයපැන් බොමින් නුවර යන්නය.දෙපැත්තේම සමහර ලොකු ඇත්තෝ ඒ වන විටත් සීආර් ක්‍රීඩා සමාජ ආපන ශාලාවේ ජයපැන්වලින් පදම්වෙමින් ඉන්නටත් ඇත.එහෙත් ඒ සියල්ල අවසානයේ එක පැත්තක ජය පැන් ජය ලෙසම ඉතුරු වෙද්දි,එක් අන්තයක ජයපැන්වලට කඳුළු මුසු වෙන බව ඔව්හූ දැනගෙන උන්හ.
තරගය නිමාවෙන තත්පරයට පැමිණ තිබිණ.ඒ වන විට මහනුවර ජයපැන් ඇස්වලින් කඩා වැටෙන්නට ආසන්නව තිබිණ.දුකටත් සතුටටත් තෙත්වන ඇස් ඇති මිනිස්සුන්ගේ අපූර්වත්වය විඳහා පාමින් සීආර් ඇන්ඩ් එෆ්සී ආධාරකරුවන්ගේ ඇස් අඟට ලංව තිබුණේ දුක තැවරුණ කඳුළුය.එකම එක පුංචි බලාපොරොත්තුවකි.ඒ ඇත්තටම සීආර් කණ්ඩායමේ ඉහළම බලාපොරොත්තුව වූ තේනුකගෙ පයට පැවරී තිබීම ගැන මද අස්වැසිල්ලක් තිබුණත් සිරුර පමණක් නොව මෙවැනි ගිණියම් මොහොතක මනස ද ටක්කෙටම වැඩ කළ යුතුය.ඒ වෘත්තිමයභාවය ක්‍රීඩකයෙකුට තිබිය යුතු වුව ද,සැලෙන සුළු මිනිස් මනස තැන්පත් කර ගැනීමේ අපහසුව මෙවැනි අවිනිශ්චිත මොහොතක හරස් වීමට ඇති ඉඩ සුළු නැත.
අන්තිම තත්පර තිහේ තේනුක ඒ දේ කළේය.
අවසාන විනාඩි කිහිපය හරිම නාටකානුරූපි විය.පළමු අර්ධයේ ලකුණු 14 – 7 ක් ලෙස මහනුවර ඉදිරියෙන් සිටියත් මහනුවර දෙවන අර්ධයේදී එතැනම නැවත් වූ සීආර් ක්‍රීඩකයින් සිය ලකුණු පූවරුව ලකුණු 20 දක්වා ගෙන ගොස් තිබිණ.මහනුවර පරාජය වුව ද මේ තරගයේ දකින්නට ලැබුණ ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවේ අනාගත වටිනාකම මහනුරට ක්‍රීඩා කළ,කොළඹ ඉසිපතනයෙන් දායාද වූ සාහීඩ් සුම්රි ය.තරගය නිමා වන්නට විනාඩි ගණනක් තිබියදී මහනුවර ලකුණු ප්‍රමාණය 21 ක් කරන්නට සුම්රිගේ දායකත්වය තදින්ම වැදගත් විය.අවසන් වීමේ සංඥාවට විනාඩි 3 පෙර මහනුවර ලකුණු පම්‍රාණය 21 වී සීආර් විස්සේ රැඳෙද්දි තරගය නිමා වූ බව බොහෝ දෙනෙකුට හැඟෙන්නට ඇත.
එහෙත් තරගය ඉවර නැත.අන්තිම තත්පරය වන තෙක්ම තරගයට අදාළය.ඒ නිසා ප්‍රතිවාදීන්ට වාසිදායක වන කිසිවක් කිරීමේ අවසරයක් කිසිඳු කණ්ඩායමකට නැත.වැදගත් ඒ මනසින් සීආර් සීටීම සහ මතට එම මනස මහනුවර වෙතින් ලිහිල් වීමය.ඉලක්කය ගැනීමේ වගකීම පැවරෙන්නේ අවසාන තරගයේ වීරයා වූ තේනුකටය.ඔහු තරගාවලියේද වීරයා ය.වැඩිම ලකුණුලාභියාද වන්නේය.එවන් තැනක් හිමි කර ගැනීමට වඩා රැක ගැනීම අපහසුය.මන්ද ප්‍රතිවාදීන් සෑම විටෙකම අවධානයෙන් ඉන්නේ ඒ චරිතය ගැන අවධානයෙන්ය.එහෙත් තේනුක එසේ අවධානය යොමු වී තිබෙන බව ගැන හැමවිටම සිහියෙන්ය.ඒ නිසා ආක්‍රමණය ආ හැකි ආකාරය ගැන ද ඔහුට මනස් සිතුවමක් ඇත.ඒ නිසාම වැළකෙන්නට ද දන්නේය.
මහනුවර සතුව ශ්‍රී ලංකාවේ සිටි සුවිශේෂීම ක්‍රීඩකයෙකු වූ තරින්ද නැත.ලංකාවේ රගර් කුමාර ක්‍රීඩාවක හැඩයෙන් දිළුණ ද ඇත්ත තරින්ද වෘත්තිමය වශයෙන් තෝරා ගැනීම රගර් නොවන බවට තීරණයකට එළඅඹීමය.සාමානයෙන් ක්‍රීඩාව වෘත්තිය කර ගත හැකි රටක,අංක එකට තෝරා ගන්නේ ක්‍රීඩාවය.ශ්‍රී ලංකාව ගත්තද ක්‍රිකට් ගත් විට එය ඇත්තක්ය.ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තරම් වෘත්තීය ස්ථාවරත්වයක් වෙන කුමන රැකියාවකටවත් නැත.එහෙත් රගර් එසේ නොවන නිසා තරින්ද ස්වීය පෞද්ගලික ජීවිතය ගැන තීරණයකට එළැඹි ඇත.
එසේම සූරිය බණ්ඩාර මෙන්ම හසිත් ජෙන්සන් ද පිටියේ නොසිටියේය.මේ සියල්ලද බලකොටුවේ ආරක්ෂාවට මෙන්ම ආක්‍රමණයට ද අවශ්‍යය බල සේනාව දුර්වල කිරීමක්ය.එහෙත් ලසිඳු කරුණාතිලකගේ නායකත්වය සහිතව සීආර් ක්‍රීඩකයින් සිටියේ ඕනෑම බලකොටුවකට පහර දීමට හැකි බවට සපත කර ගත් විශ්වාසයකින්ය.ඒ සඳහා වන උවමනාව අවසන් තත්පර තිහේද අත් නොහළ ඔවුන් වෙනුවෙන් දඬුවම් පහර එල්ල කළ තේනුක කරුණාරත්න, අවසන් ලකුණු පූවරුව 23 – 21 ක් කර සීආර් කණ්ඩායමට ඉතිහාසයේ ප්‍රථම වරට පිරිනමන මැලිබන් කුසලානයේ උරුමකරුවෝ වූහ.ලීග් සූරතාවයේ පහද පිට පිටම දෙවන වරටත් උරුම විය.
සීආර් කණ්ඩායම ලැබූ ලකුණු 23 පෝෂණය වී තිබුණේ ඔමල්ක ගුණරත්න,චමෝද් මුතුනායක සහ විදුන අමනෙත් ලැබූ උත්සාහක දිණුම්වලින් සහ තෙනුක නානායක්කාර සාර්ථකව නිම කළ ප්‍රවර්ථනයකින් සහ දඩුවම් පහර දෙකකින්ය.මහනුවර කණ්ඩායමේ ලකුණු 21 සඳහා තිළිණ බණ්ඩාර,තරිඳු චතුරංග,දිලුක්ෂ දංගේ ලබා ගත් උත්සාහක දිණුම් ද,සුම්රි විසින් කළ සාර්ථක ප්‍රවර්ථනය සහ අරුණ පෙරේරා විසින් කළ සාර්ථක ප්‍රවර්ථණ දෙකද හේතු වී තිබිණ
The post ක්‍රීඩාවේ වලංගු හැම තත්පරයක්ම වැදගත් බව පැහැදිළි කළ මැලිබන් සූරතාවය appeared first on LNW Sinhala.
Saru News












