ක්‍රීඩක අයියර් දැඩි සත්කාර ඒකකයට

0
1

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රෙයාස් අයියර් පපුවේ ඉල ඇට කූඩුව ආශ්‍රිතව සිදුව තිබෙන අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් මේ වන විට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඕස්ට්‍රේලියාව සමග පැවති තෙවන එක්දින තරගයේ ඇලෙක්ස් කේරිගේ කඩුල්ල දවා ගැනීම වෙනුවෙන් අයියර් විශිෂ්ට උඩපන්දුවක් රැකගත් අතර එහිදී ඔහු මෙලෙස ආබාධයට ලක් විය. පසුව ඔහුව රෝහල්ගත කිරීමෙන් පසු අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇති බවට හඳුනාගෙන ඇත.

ඔහුගේ පපුවේ වම්පස ඉල ඇට කූඩුව ආශ්‍රිතව මෙලෙස රුධිර වහනය සිදු වන බව සඳහන්.
එය ජීවිත අවධානමක් පවා ඇති දරුණු අවස්ථාවක් ලෙසින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන නමුත් අයියර් ඉක්මනින් රෝහල්ගත කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඔහු මේ වන විට ස්ථාවර තත්ත්වයක සිටින බව වාර්තා වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here