ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) භාවිතයේදී රුපියල් කෝටි එකහමාරකට වඩා පාඩුවක් ලද යාපනය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කළමනාකරණ සේවා නිලධාරියෙකු දැඩි ලෙස සිත්තැවුලට පත්ව ගෙළ වැළලාගෙන 11 දා මියගොස් තිබේ.
යාපනයේ කුප්පිලාන් ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තංගරාසා රාජ්කුමාර් නමැති මෙම සෞඛ්‍ය නිලධාරීවරයා මීට වසර තුනකට ඉහතදී විවාහ වී තිබේ. ඔහු ක්‍රිප්ටෝ මුදල් භාවිත කිරීම හා ඒ සම්බන්ධ ගනුදෙනුවල නිරතව සිටියදී හදිසියේම ඇමරිකානු රජය ගන්නා ලද තීන්දුවක් හේතුවෙන් ක්‍රිප්ටෝ මුදල් භාවිතයේදී ඔහුට රුපියල් කෝටි එකහමාරක පමණ පාඩුවක් සිදුව තිබේ.
මෙම තත්ත්වය දරා ගැනීමට නොහැකිව ඔහු නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් සිටියදී ඔහුගේ මළ සිරුර හමු වී තිබේ.
මේ සිද්ධිය අරුම පුදුම හා ඉතා ශෝචනීය තත්ත්වයක් බව ප්‍රකාශ කරමින් යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී. සත්‍ය මූර්ති මහතා සමාජ මාධ්‍යවල ලිපියක්ද පලකොට තිබේ. තෙලිප්පලෙයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
දිනසේන රතුගමගේ
Saru FM Media