ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

0
2

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන් වළකින ලෙස ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින කඩාකප්පල්කාරී ප්‍රචාරණ ව්‍යාපෘතියක් සමාජ මාධ්‍ය තුළ දියත් වී ඇති බව වාර්තා වේ.

පසුගිය දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ තරග පරාජයන් සමග ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පත්වූ අපෙක්ෂාභංගත්වය උපයෝගී කරගනිමින් ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගන කරා යාමත්, ටිකට් පත් මිලදී ගැනීමත් වැළැක්වීම සඳහා විවිධ ෆේස්බුක් සමූහ ආශ්‍රිතව මෙම ප්‍රචාරණය සිදුකෙරෙමින් පවතී.

විශේෂයෙන් T20 ලෝක කුසලාන තරග පැවැත්වෙන කාලසීමාවක් තුළ ක්‍රිකට් ක්‍රීඩා පිට්ටනි ප්‍රේක්ෂකයින්ගෙන් හිස්කිරීමට තැත්කිරීම යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පාඩමක් ඉගැන්වීමට යාමේ බොළඳ වෑයමකටත් වඩා සමස්තයක් වශයෙන් රටේ ක්‍රිකට් ක්‍රීඩාවටත් රටටත් හානිකර කුමන්ත්‍රණකාරී වෑයමක් වශයෙන් හඳුනාගත හැකිය.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යම් පසුබෑමකට ලක්ව සිටින මොහොතක අප කළ යුතුව ඇත්තේ ඔවුන්ව දිරිගන්වමින් රටට ජයග්‍රහණ ගෙන ඒම සඳහා ඔවුන්ව ශක්තිමත් කිරීම මිස තරග නැරඹීම වර්ජනය කරමින් ඔවුන්ට තවත් මානසික පීඩනයක් එල්ල කිරීම නම් නොවේ.

“මූණත් එක්ක තරහට නහය කපාගත්තා වගේ” යැයි කියමනක් අපේ බස්වහරේ ඇත. කාගේ හෝ කැම්පේන් එකකට හසුවී එවැන්නක් කරගැනීම ක්‍රීඩාවට ආදරය කරන ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට තරම් නැත.

ඇත්තෙන්ම මේ මොහොතේ අපේ ක්‍රිකට් ලෝලීන් කළ යුතුව ඇත්තේ අපේ ක්‍රිකට් කණ්ඩායම දිරිගැන්වීම සඳහා හැකි උපරිමයෙන් ක්‍රීඩා තරග නැරඹීමට යාම ය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here