ක්‍රිකට් ආයතනය වටළන්න එනවා කියූ රාජාංගනේ හිමි අතුරුදන් ?

0
3

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන මණ්ඩලයේ නිලධාරීන්ට එරෙහිව උද්ඝෝෂණයක් පවත්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැටළීම සඳහා අද (07) දිනයේ එහි පැමිණෙන බව ප්‍රකාශ කර තිබුණු රාජාංගනේ සද්ධාරතන හිමි මේ වනතෙක්ම එහි පැමිණ නොමැති බව වාර්තා වේ.

එම උද්ඝෝෂණයට පැමිණෙන ලෙස පණිවිඩ ලබාදුන් අයට ද අද දිනයේදී එහිමියන්ව සොයාගැනීමට නොහැකි වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මීට පෙර මාර්තු 01 වනදා ද රාජාංගනේ හිමියන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණු නමුත් ඊට සහභාගී වී සිටියේ ද 06 දෙනෙකු පමණි.

The post ක්‍රිකට් ආයතනය වටළන්න එනවා කියූ රාජාංගනේ හිමි අතුරුදන් ? appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here