කළු පැහැති කෙස් කළඹකට ගැලපෙන balayage highlighting (බලයාජ්) විලාසිතා

0
25


විලාසිතා ලෝකයේ ජනප්‍රියම balayage කොණ්ඩා මෝස්තර ගැන මේ කාලයේ බොහෝදෙනාගේ අවධානය යොමුවතිබෙනවා. මෙය හොලිවුඩ් තරු අතර ඉතාමත් ප්‍රකට විලාසිතාවක්. Balayage යනු highlighting තාක්ෂණයකි. මෙහිදී ස්වාභාවිකව වර්ණයන් ගලායන ආකාරයේ පෙනුමක් කෙස් කළඹට ලබා දෙන ආකාරයේ highlighting ක්‍රමයකි. බොහෝ විට මෙය blonde වැනි වර්ණයේ කොණ්ඩා සඳහා බොහෝවිට යොදාගත්තද කළු, දුඹුරු වැනි වර්ණයේ කොණ්ඩා සඳහා ද ඉතා හොදින් ගැලපේ.

කාර්යයාලයක සේවයේ නියුතු හෝ කෙස් කළඹට වෙනස් පෙනුමක් ලබාදීමට කැමති ඔබ සඳහා balayage highlight මෝස්තර කිහිපයක්-

ඔබට දිගු කළු කොණ්ඩයක් තිබේ නම්, ඔබට අනිවාර්යයෙන්ම dark brown and caramel balayage විලාසිතාව ගැලපේ. මෙයින් ඔබේ හිසකෙස් සඳහා වැඩි පෙනුමක් එක් කළ හැකි අතර හිසකෙස්වලට වඩාත් පරිපූර්ණ (voluminous)පෙනුමක් ලබා දෙයි.

unnamed (2)

මෙය කළු හිසකෙස් සඳහා balayage highlights වැඩි අලංකාරයක් ගෙනදෙන බවට මෙය කදිම උදාහරණයක්. හිස මුදුනේ සිට වර්ණය ආරම්භ කරන අතර සියුම් ආකාරයෙන් කළු හිසකෙස් සමඟ මිශ්‍රවී ස්වාභාවික ලස්සනක් ලබාදෙයි. Layers කැපූ කොණ්ඩ සඳහා වැඩි අලංකාරයක් ලබාදෙයි.

unnamed

කෙස් කළඹ මැද කොටසේදී වර්ණය හඳුන්වාදී ඇති අතර සම්පූර්ණයෙන්ම ස්වාභාවික පෙනුමක් ලබාදෙයි. මෙම කැරලි කොණ්ඩා සඳහා වඩාත් ගැලපෙනම විලාසිතාවකි.

කොණ්ඩා විලාසිතා ප්‍රියකරන නමුත් මුළු කෙස් කළඹේම වර්ණය වෙනස්කරන්නට අකමැති ඔබට balayage highlighting මෝස්තර වඩාත් සුදුසුවේ.

කල්හාරී



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here