කහ කියන්නේ ඕනෑම නිවසක අනිවාර්යයෙන්ම තියෙන කුළුබඩුවක්. කුළුබඩුවක් ලෙස හැඳින්වුවත් මෙය රූපලාවන්‍ය කටයුතු සඳහාද පරම්පරා ගණනාවක් පුරාවටම යොදා ගන්නවා.මෙයට හේතුව වන්නේ කහ වල අඩංගු වන සුවිශේෂී ගුණයන් වන අතර කහ වලින් ඔබට ලබාගත හැකි බොහොමයක් ප්‍රතිලාභ තියෙනවා. අද අපි ඔබට කියන්නේ කහ වලින් ලස්සන වෙන ආකාරය ගැනයි.
සම පැහැපත් කිරීම සඳහා යොදා ගත හැකි ස්වාභාවික අමුද්‍රව්‍ය අතරින් ප්‍රබලම අමුද්‍රව්‍යයක් ලෙස කහ සැලකෙනවා. එහි අඩංගු ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණ මගින් තම මත ඇති අඳුරු ලප ක්‍රමයෙන් ඉවත් කිරීම නිසා සමට ඒකාකාරී පැහැයක් ලබා දෙනවා.
බොහෝ දෙනෙකුට සම මත ඇතිවන පොදු ගැටලුවක් ලෙස කුරුලෑ ඇති වීම හඳුන්වන්නට පුළුවන්.කහ යනු කුරුලෑ අඩු කිරීම සඳහා යොදා ගත හැකි හොඳම අමුද්‍රව්‍යයක්.කහවල අඩංගු වන විෂබීජ නාශක ගුණ සම මත ඇති බැක්ටීරියා පැතිරීම නවත්වන අතර කුරුලෑ සඳහා ප්‍රතිකාර කරයි.
ඔබේ සම බොහෝවිට පරිසර දූෂණයට සහ හිරු එළියට නිරාවරණය වනවා.එය සම මත ඇති ස්වාභාවික තෙල් වල සමතුලිතතාවයට බාධා කරන අතර එමගින් සමේ නම්‍යශීලී බව අඩාළ වීමට පටන් ගන්නවා. එමගින් සම මත සිහින් රේඛා , රැළි සහ විවිධ ආකාරයේ ලප කැලැල් මතු වීම ආරම්භ වනවා. ඒ වගේම මෙහිදී ඔබේ සමේ සෛල වලටද හානි සිදුවන අතර එමගින් ඔබේ වයසට යාමේ ක්‍රියාවලිය වේගවත් කරනවා.
ඇස් වටා අඳුරු කව ඇතිවීම සමෙහි බහුලව දක්නට ලැබෙන ගැටලුවක් ලෙස සැලකෙනවා. ගුණාත්මක නින්දක් නොමැති කම , සෞඛ්‍ය සම්පන්න ආහාර නොගැනීම පරිගණකය හෝ ජංගම දුරකථනය ඉදිරිපිට වැඩි වෙලාවක් ගත කිරීම මෙවැනි තත්ත්වයන් වලට හේතු වන්නට පුළුවන්.මෙම තත්ත්වයන් මග හරවා ගැනීම සඳහා සැහැල්ලු කාරකයක් ලෙස කහ භාවිතා කරන්න ඔබට හැකියාව තියෙනවා.
සමේ බොහෝ ගැටලු වලට ප්‍රතිකාර කිරීම සඳහා කහ යනු සුවිශේෂී කුළු බඩුවක් බව ඔබ දැනටමත් දන්නවා. විවිධ කාලගුණ තත්ත්වයන් යටතේ සහ උපතින්ම වියළි සමක් හිමි අයට ප්‍රතිකාර කිරීම සඳහා කහ යොදා ගන්නට පුළුවන්. කහ සමඟ සමට තෙතමනය ලබා දෙන විවිධ අමුද්‍රව්‍ය යෙදූ මාස්ක් වර්ග භාවිතා කිරීම මගින් සමේ සෛල නැවත උත්පාදනය කිරීමට හැකිවන පරිදි මිය ගිය සමේ සෛල ඉවත් කිරීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට කහ වලට හැකියාව තියෙනවා.
Turmeric face mask
අවශ්‍ය අමුද්‍රව්‍ය
කුඩු කරගත් අමු කහ තේ හැඳි 1
සුදු හඳුන් කුඩු මේස හැඳි 1
මී පැණි තේ හැඳි 1
වතුර ස්වල්පයක්
භාවිතා කරන ආකාරය
මේ සියලුම අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කර පිරිසුදු කර ගත් මුහුණේ ඒකාකාරීව ආලේප කරන්න.විනාඩි දහයක් හෝ පහළොවක් එය තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. ඉන්පසුව මොයිස්චරයිසර් එකක් හෝ ටෝනර් එකක් ආලේප කරන්න
Turmeric cleanser
අවශ්‍ය ද්‍රව්‍ය
කුඩු කරගත් අමු කහ තේ හැඳි 1
කිරි ස්වල්පයක්
කඩල පිටි ස්වල්පයක්
භාවිතා කරන ආකාරය
සියලුම අමුද්‍රව්‍ය හොඳින් එකතු කර පේස්ට් එකක් සකස් කර කර ගන්න. එය ඝන නොවීම සඳහා ජලය ස්වල්පයක් අවශ්‍ය නම් මිශ්‍ර කරන්න. එය ඔබේ මුහුණේ ආලේප කර විනාඩි 15ක් පමණ තබන්න. ඉන් පසුව නැවුම් ජලයෙන් මුහුණ තෙත් කර සෙමෙන් සහ කවාකාරව මුහුණ සම්භාහනය කර සෝදා හරින්න.
Turmeric drink
අවශ්‍ය ද්‍රව්‍ය
කහ ස්වල්පයක්
තලා ගත් ඉඟුරු කැබැල්ලක්
කරදමුංගු
කුරුඳු කැබැල්ලක්
කිරි වීදුරු එකක්
අවශ්‍ය නම් සීනි
භාවිතා කරන ආකාරය
Saru FM Media