දත් කහපාට වෙලාද?
ඔබටත් කහපාට දත් තියෙනව නම් හිනාවෙන්න කලින් දෙපාරක් හිතන්න වෙනවද නේද?
ඔන්න එහෙනම් කහපාට දත් සුදුපාට කරගන්න නිවසේදීම කරන්න පුළුවන් සරල ක්‍රියාමාර්ග 07 ක් ඔබට කියල දෙන්නයි අද අපි මේ ලිපියෙන් සූදානම් වෙන්නෙ.
මුලින්ම අපි බලමු දත් කහ පැහැයට හැරෙන්න හේතු මොනවද කියල?
නිසි ලෙස දත් නොමැදීම සහ මුඛ සෞඛ්‍ය පවත්වා නොගැනීම,
නිතරම තේ, කෝපි, රතු පැහැ වයින් පානය කිරීම,
සීනි සහ කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර වැඩිපුර අනුභව කිරීම,
දුම්පානය
දුම්කොළ සහ බුලත්විට සැපීම,
වයස
ස්වභාවයෙන්ම දත් කහ පැහැ වීම,
ජානගත පැමිණි දත්වල දුර්වර්ණ බව.
එහෙනම් අපි බලමු කොහොමද නිවසේදීම කහපැහැ දත් සුදු පැහැයට හරවාගන්නෙ කියල?
දත් මදින්න
දත් ටික සුදුපාට කරගන්න නම් අනුගමනය කරන්නම ඕනෙ පළවෙනි පියවර තමයි දිනකට දෙවරක් නිවැරැදි විදිහට දත් මැදීම.
දත් අතර රැඳෙන ආහාර කැබලි සහ විවිධ වර්ණක නිසා දත් අවපැහැ ගැන්වීම මූලිකවම සිදුවෙනවා.
ඊට අමතරව, දත් නිවැරැදිව පිරිසිදු නොකිරීම නිසා දත් මැලියම් වගේ තත්වයන් ඇතිවෙන්නත් පුළුවන්.
දත් දුර්වර්ණ වීමට ප්‍රධානම හේතුව ලෙස මෙය හඳුනාගන්න පුළුවන්.
නිවැරැදිව දත් මදින්නෙ කොහොමද? දත් පරිස්සන් කරගන්නෙ කොහොමද කියල දැනගන්න smart lady අපේ මේ ලිපියෙන් හොඳ අවබෝධයක් ලබා ගන්න ඔබට පුළුවන්.
බේකින් සෝඩා සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්
දත්වල රැඳී ඇති මැලියම් සහ බැක්ටීරියා ඉවත් කරන්න බේකින් සෝඩා සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මිශ්‍රණයට හැකියාව තියෙනවා.
බේකින් සෝඩා තේ හැඳි 01 සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් තේ හැඳි 02 ක් එකට මිශ්‍රකර මේ ආලේපනය සාදාගන්න ඔබට පුළුවන්.
කට හොඳින් සෝදා ඔබ පාවිච්චි කරන දන්තාලේප වෙනුවට මේ සාදාගත් මිශ්‍රණය භාවිත කර දත් මැදීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න ඔබට හැකියාව තියෙනවා.
දත්වල කහට ඉවත් කිරීමට බේකින් සෝඩා ආරක්ෂිත ක්‍රමයක් බවත්, බේකින් සෝඩා සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අඩංගු දන්තාලේප වලින් දත් මදින පුද්ගලයන්ගේ දත්වල කහපාට සති 06 ක් වැනි කාලයකින් සුදු පැහැයට හැරීම ආරම්භ වූ බවත් පර්‍යේෂකයන් පෙන්වා දෙනවා.
දිනපතා මේ මිශ්‍රණය භාවිතයෙන් දත් මදින්න ඔබට පුළුවන්.
පොල්තෙල්
පොල්තෙල් වලටත් මුඛයේ ඇති බැක්ටීරියා සහ දත් මැලියම් ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා.
පොල්තෙල් මේස හැඳි 01 හෝ 02 ක් කටට දමාගෙන විනාඩි 10 ක් විනාඩි 30 ක් අතර කාලයක් කටේ එහෙමෙහෙ කලතමින් තබා ගන්න.
ඔබේ උගුර පොල්තෙල් නොයවා ඉන්න වගේම පොල්තෙල් ගිලෙන්න නොදීමත් වැදගත්.
ඉන්පසු කටේ ඇති පොල්තෙල් ඉවත දමා, වතුරෙන් කට හොඳින් සෝදා, ඒ වතුර ඉවත දමා, වතුර කෝප්පයක් බීමට ගන්න ඔබට පුළුවන්.
Saru FM Media