කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණය වෙත රැගෙන එයි

0
12

ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් දසදෙනා මේ වන විට අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් දසදෙනා අද (28) දිනය දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා පසුගිය 19 වනදා නියෝග කළේය.

ඒ සැකකරුවන්ට එරෙහිව වෙරළ සංරක්ෂණ පනත යටතේ ඉදිරිපත් කර ඇති චෝදනා ඉවත්කර ගැනීම නීතිපතිවරයා සහ ත්‍රිකුණාමලය වරාය පොලීසිය ප්‍රතික්ෂේප කිරීමත් සමඟය.

ත්‍රි‍කුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කර තිබූ පැමිණිල්ලකට අදාළ නඩුව ඉකුත් ජනවාරි 14 වනදා ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබීය.

එහිදි එම නඩුවේ සැකකරුවන් ලෙස නම්කර සිටි සැකකරුවන් 11 දෙනා අතරින් 09 දෙනෙකු අධිකරණයේ පෙනී සිටියේය.

එම පිරිස අතරට ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළත් විය.

එහිදි ත්‍රිකුණාමලය පොලීසිය සැකකරුවන්ට එරෙහිව වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සහ අනවරස ඉදිකිරීම් යන චෝදනා යටතේ කරුණු දක්වා තිබු අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලු ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

අනතුරුව රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් බන්ධනාගාරය තුළ උපවාසයක් ආරම්භ කර තිබූ අතර පසුව එය තාවකාලිකව නවතා තිබුණි.

එවන් පසුබිමක අදාළ නඩුව ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඉකුත් 19 වනදා යළි කැඳවීය.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here