කවදාවත් පරණ වෙන්නේ නැති ෆැෂන්..

0
4

කාලයත් එක්ක වෙනස් නොවන විලාසිතාවන්ට අයත් ඇඳුම් ඔබේ අල්මාරියේ තබා ගන්න ඔබ පුරුදු වෙලා ඉන්නවද.. ඒක බොහොම හොඳ දෙයක්. ඕනෑම කාලෙකදි මේ විලාසිතාවන් ඔබට භාවිතා කරන්නපුලුවන් .
ඒ ගැන ඔබට අදහසක් දෙන්න මේ සූදානම.

1. කළු ගවුමක්.

උත්සවයකට වගේම සාමාන්‍ය සාදයකටත් ටිකක් වටිනා ආභරණත් එක්ක කළු ගවුමක් ඔබට ඕනෑම මොහොතක හොඳින් ගැළපෙනවා.

2. ෆ්ලැට් සපත්තු ජෝඩුවක්.

කළු, දුඹුරු, රතු වගේ වර්ණ කිහිපයකින්ම මේ සපත්තු අරන් තබා ගන්න. ඕනෑම ඇඳුමක් සමඟ ගලපන්න පුලුවන්.

3.  ස්කාෆ් එකක්.

ඔබව ස්ටයිලිෂ් පෙනුමකින් පෙන්වන්න ස්කාෆ් එකකට ලෙහෙසියෙන්ම පුලුවන්.

4. කළු හීල්ස් දෙකක්.

හීල් එක තරමක් ඇති කළු හීල්ස් කියන්නෙත් පරණ නොවන විලාසිතාවක්.

5. කළු පෑන්ට් එකක්.

කළු පෑන්ට් එකත් ඕනැම මොහොතක භාවිතා කරන්න පුලුවන්. පෙන්සිල් කට් විලාසිතාව හොඳින් ගැළපෙනවා.

6. ටී ෂර්ට් එකක්.

ඕනෑම තැනකට අඳින්න පුලුවන් ටී ෂර්ට් කිහිපයකුත් ඔබේ විලාසිතා එකතුවට අනිවාර්යයෙන් ඇතුළත් කරගන්න.

7 .ෂර්ට් බ්ලවුස් එකක්.

ෂර්ට් බ්ලවුස් කියන්නෙත් පරණ නොවන විලාසිතාවක්. කොටු ෂර්ට් එකක් හෝ තනි පාට ෂර්ට් එකක් විලාසිතා ගොනුවට ඇතුළත් කරගන්න.
-නිබන්ධිකා-

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here