කලබල අස්සේ ශිරන්ති ලොකු වැඩකට රට ගිහිල්ලා! PHOTOS I Sri Lanka Latest News

0
8


දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති 2025 විශ්ව සාම සම්මේලනය සඳහා හිටපු ජනපති බිරිය වූ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගී වී සිටියාය.Sri Lanka Latest News

ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තබා තිබූ සටහන මෙසේය.

මාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අප්‍රේල් 10-13 දිනවල දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති 2025 විශ්ව සාම සම්මේලනය සඳහා සහභාගී වූවාය.

එම ලෝක සමුළුවට සමගාමීව පැවති කාන්තා සමුළුවේදී “සාමයේ සහ සෞභාග්‍යයේ බලාපොරොත්තු සහගත අනාගතයක් කරා කාන්තාවගේ වැදගත් කාර්යභාරය” යන තේමාව අවධාරණය කරමින් සැසිය අමතා දේශනයක් ද සිදු කළාය.

එම දේශනයේදී ඇය විසින් සිදු කරන ලද පහත ප්‍රකාශය වඩාත් මා සිත් ගත්තේය.

“ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ආර්යාවක ලෙස, ගැටුම් මතින් බිහිවන ජාතීන්ගේ ඔරොත්තු දීමේ හැකියාව මම සියැසින්ම දුටුවෙමි.

අනාගතය යළි ගොඩනැගීමේ දී ඔවුන්ගේ ධෛර්යය මෙන්ම වඩාත් අර්ථවත් යහපත් ලෝකයක් හැඩගැස්වීමේදී කාන්තාවන්ගේ පරිවර්තනීය බලය මම සියැසින්ම දුටුවෙමි.

ඉතිහාසය පුරාම, කාන්තාවන් සාමයේ නිහඬ ගෘහ නිර්මාණ ශිල්පීන් වී ඇත”.

යුද්ධය අවසන් කරමින් සාමය දක්වා ගමන් කරනු ලැබූ අතිශය දුෂ්කර ගමන්මගේ බිරිඳක් ලෙසින් ඇය මට මහත් ශක්තියක් වූවාය. පවුලට එල්ලවූ ජීවිත අවදානම දරා ගනිමින් ජනපති බිරිඳක ලෙසින් මා වෙත ලබා දුන් මානසික නිදහස අසීමිතය. ඇය අද හිටපු ජනපති ආර්යාව ලෙස නියෝජනය කළේ මේ රටේ සමස්ත කාන්තාවය.

උපන්බිම කුරිරු ත්‍රස්තවාදයෙන් ගලවා ගැනීමට දිවිදුන් උදාර සෙබළියන් ද, ප්‍රාණ සමාන තම දරුවන්, ස්වාමියා රණ බිමට එවූ එඩිතර මව්වරුන් හා බිරින්දෑවරුන් ද, සාමයේ නිහඬ ගෘහ නිර්මාණ ශිල්පීන්ය.

ආදරණීය බිරිඳ ශිරන්තිට සුබ පැතුම් පිරිනමන අතරම මෙරට සියලු ම ධෛර්යවන්ත කාන්තාවන්ට මගේ ආචාරය පුද කරමි.

May be an image of 5 people, dais and text that says 'HuaL MEI The 80th annvcnary [the โอนแปเทย the Unital Nations WORLD SUMN T 2025 GENER tional Associatio WORLDSUMMIT WORL COFMBIY MMIT 2025 Peace WORLD SUMMIT 2025 SEOUL, WORLDSUMMIT2025SEOUL,KOREA SEOUL,KOREA KOREA 10TH 10TH-13THAPRIL2025 -13 APRIL 2025'
May be an image of 16 people, television, newsroom and text that says '8日 HORLA 2001 The 80th มาน ersaary lthe ย Tltsiiani.i the Unilal ahions WORLD WORLDSUMIMIT20 VMIT 2025 G na WORLD SUMMIT WORLDSUMMT2025|SEOUL,KOREA 2025 SEOUL, 10TH 13 APRIL 2025'
May be an image of 3 people, newsroom and text that says 'The 80th The80thanniversary tanniversary of RLDS toWorldOrd is to World Ord isto Contempo OEAN ハローカ 海大家 WORLD SUMMIT 2025 SEOUL, WORLDSUMMIT2025|SEOU,KORE KOREA 10TH -13TH APRIL 2025'
May be an image of 7 people, dais and text that says 'ENEMEI ftianaiat foundinga WORLDSU WORLDSUMMIT 2025 nporary Chailenges to World stablishinga ra of Pcac Prosperity WORLD SUMMIT 2025 SEOUL, KOREA 10TH -13TH APRIL 2025'
May be an image of 2 people, dais and text that says 'g Peace and Shared Prosperity Through In N N STALPALAMIAN OR-PARL LAMENI C ds ざ SEOUL, WORLD SUMMIT 2025 SEOUL,KOREA SEOUL, KOREA 10TH 13TH APRIL 2025'
May be an image of 5 people and text
May be an image of ‎4 people and ‎text that says '‎그린벨트운동 그린밴트운동이사장 이사장 세계자원연구소하프리카지 지역해며 2002 ጌቱ 流屋茶 eo MA ززا WORLD SUMMIT 2025 SEOUL, WORLDSUMMIT2025SEOUL,KOREA SEOUL,KOREA KOREA 10TH 13 APRIL 2025‎'‎‎
May be an image of 3 people, dais and text that says 'WOR D SL UMMIT 2025 2025 ソ dOr m WORLD SUMMIT 2025 SEOUL, WORLDSUMMIT2025|SEOUL,KOREA KOREA 10TH -13TH 10TH-13THAPRIL2025 ΤΗ APRIL 2025'



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here