කර්ල් හෙයාර් එකකට සුදුසු කොන්ඩ මෝස්තර 

0
11


Curly කොන්ඩ වලට මේ මෑත කාලීනව් අලොකු ජනප්‍රියත්වයක් ලැබුනනෙ. ඉස්සරනම් කවුරුහරි තමන්ට කර්ලි කොණ්ඩයක් තිබුනම එක්කො ස්ට්‍රේට් කරනව එහෙම නැත්තම් අයන් කරනව. හැබැයි දැන් මේ කර්ලි කොන්ඩ කියන්නෙ එක්තරා විදියට ට්‍රෙන්ඩ් එකක්.

හැබැයි ප්‍රශ්නෙ කියන්නෙ කොච්චර ලස්සන උනත් කර්ලි කොන්ඩ වලින් හෙයා ස්ටයිල්ස් දාන්න ගියාම ඉතින් සසර කලකිරෙන එක තමයි. අනික සමහර ස්ටයිල් කොච්චර ලස්සන උනත් කර්ලි කොන්ඩෙකට දැම්මම ස්ටයිල් එක පේන්නෙ නැතිම වගේ.

ඉතින් අපි අද බලමුද අපේ කර්ලි කොන්ඩෙට දාන්න පුලුවන් කර්ලි හෙයා ස්ටයිල්ස් මොනවද කියල?

හැමෝම වගේ Bouncy, Curly කොන්ඩෙකට ආස උනාට එහෙම කොන්ඩයක් තියෙන කෙනෙක් තමයි ඉතින් ලස්සනට තියාගන්න නටන්න ඕන දහ අට වන්නම් ගැන දන්නෙ නේද?

කර්ලි කොන්ඩවල තියෙන ලොකුම අවුල කොච්චර පීරල හොඳට කර්ල් ක්‍රීම් ගාල තිබ්බත් කවදාවත් තිබ්බ තැන තියෙන්නෙ නැති එක.

Shoulder cut එක කියන්නෙ Thicker curls  තියෙන කෙනෙක්ට ට්‍රයි කරන්නම සුදුසු කොන්ඩ මෝස්තරයක්. වටාපතක් වගේ කොන්ඩෙ ලස්සනට මූණ වටේට තියෙනව හරියට ෆ්‍රේම් කරපු පින්තූරයක් වගේ. එකම ගානකට ලස්සනට Trim කරල තියෙන නිසා ලස්සනක් වගේම පිලිවෙලකුත් මේ කොන්ඩෙ තියෙනවා.

ගොඩක් අය හිතන්නෙ කොන්ඩෙ ලේයර් කරන්න පුලුවන් ලස්සන ස්ට්‍රේට් හරි වේවි හරි කොන්ඩයක් තියෙන කෙනෙක්ට කියල විතරනෙ. එහෙම නෑ. ඔයාගෙ කර්ලි කොන්ඩෙ උනත් ලස්සනට ලේයර් කරල හදන්න පුලුවන්. ලේයර් කට් එක ගොඩක්ම සෙට් වෙනව ගොඩක් ඝනකම් නැති කර්ලි කොන්ඩයක් තියෙන කෙනෙක්ට කොන්ඩෙ bouncy ගතිය සහ Volume එක පෙන්නන්න.

Bob cut එක කියන්නෙත් කර්ලි කොන්ඩයක් තියෙන කෙනෙක්ට ට්‍රයි කරන්න පුලුවන් ලස්සන විලාසිතාවක්. හැබැයි මේක ගැලපෙන්නෙ කර්ලි කොන්ඩයක් කොටට කපල තියාගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ට තමයි. හරිම  Power statement look එකක් තමයි මේකෙන් ලැබෙන්නෙ කියල තමයි කියන්නෙ. රවුම් මූණක් තියෙන කෙනෙක්ට මේ කොන්ඩ මෝස්තරය භාවිතා කරල තමන්ගෙ මූණට ලස්සන Cuts, edges හදාගන්න පුලුවන්.

Fringe විලාසිතාව කෙනෙක්ට හිතෙන්න පුලුවන් යල් පැන ගිය විලාසිතාවක් කියලා. ඒ උනාට කර්ලි කොන්ඩෙකටනම් Fringes කියන්නෙ යල් පැන ගිය විලාසිතාවක් නෙවෙයි. ඔයාගෙ මූණට දඟකාර, කෙලිලොල් බවක් ගෙන්න ගන්න ආස නම් ඔන්න Fringes කියන්නෙ හොඳම හොඳ Option එකක්.

ඉස්සරහින් කොට කෑලි ටිකක් නලලට වැදෙද්දි ඔයාට පුලුවන් දිගට ඔයාගෙ කර්ලි කොන්ඩෙ පිටිපස්සෙන් වවාගන්න.

Medium Cut with Highlights කියන කොන්ඩ මෝස්තරෙත් ඔයාට පුලුවන් කර්ලි කොන්ඩෙකට ට්‍රයි කරල බලන්න. කොන්ඩෙ ටිකක් කැපුනට උරහිස් උඩට වැටෙන කොන්ඩ කෑලි නිසා ඔයාගෙ මූණට පිරිච්ච ලස්සනක් එකතු කෙරෙනවා.

කොන්ඩෙ Crown area එක Volumizing spray එකක් හරි    back comb කරල හරි හදාගෙන කොන්ඩෙ තූනිවට පේන එක අඩු කරගන්නත් පුලුවන්.

Side parted short curls කියන මේ විලාසිතාවෙදි කරන්නෙ අපේ කොන්ඩෙ කොටටම කපලා මැදින් බෙදල වෙන් කරල පෙන්නන එක. මේ හෙයා ස්ටයිල් එකෙන් ඔයාගෙ මූණෙ ඇස් ප්‍රදේශයට වැඩි අවධානයක් ලැබෙන්න සලස්වනවා වගේම ඔයාගෙ මූණෙ අනිත් Features වලටත් prominent look එකක් ලබා දෙනවා.

Hydrating serum එකක් භාවිතා කරල ඔයාට පුලුවන් ඔයාගෙ කැරලි ටික ලස්සනට පිලිවෙලට තියාගන්න

Perfect runway look එකකට ඔයා ට්‍රයි කරන්න ඕන මෙන්න මේ කියන විදියෙ Stacked curls විලාසිතාවක් බව තමයි අන්තර්ජාලයේ සඳහන් වෙන්නෙ. තට්ටු විදියට කපල තියෙන මේ කොන්ඩ මෝස්තරයෙන් ඔයාගෙ කොන්ඩෙ පිරිච්ච බවක් සහ ඝනකම් බවක් පෙන්වා දෙනවා ඇත්තටම එහෙම කොන්ඩයක් නොවුනත්.

ගොඩක්ම මේ කොන්ඩ විලාසිතාව නම් හරියන්නෙ ටිකක් දිග කර්ලි කොන්ඩයක් තියෙන කෙනෙක්ට තමයි

මේකත් ටිකක් වෙනස් විදියෙ කොන්ඩ මෝස්තරයක්. ඕනම කෙනෙක්ගෙ කර්ලි කොන්ඩයක් ඉතින් හරි ඉක්මනට Frizzy වෙනවා සහ messy වෙනවනෙ. ඉතින් අන්න එහෙම වෙලාවක ඔයාට පුලුවන් කර්ල් ක්‍රීම් ටිකක් භාවිතා කරල ඔයාගෙ ඇඟිලි තුඩු වලින් ඔයාගෙ අවුල් වෙච්ච කර්ල්ස් හදාගන්න.

ඒකෙන් ලස්සන කර්ල් එකක් හැදෙනව වගේම ඔයාට අවශ්‍ය ප්‍රමාණයේ කර්ල් එකක් හදාගන්නත් පුලුවන්.

Center parted curls කියන්නෙ ඔයාගෙ මූණෙ facial features සහ හැඩය ලස්සනට පෙන්නුම් කරන්න පුලුවන් විදියෙ තවත් එක කොන්ඩ මෝස්තරයක්. මුලින් නිකන් පොඩ්ඩක් අවුල් වෙලා පිස්සුවක් වගේ පෙනුනට හරියට style කරගත්තොතින් ඔයාගෙ මූණට පුදුම අලංකාරයක් තමයි මේ හෙයා ස්ටයිල් එකෙන් ලැබෙන්නෙ.

කොන්ඩෙ කොට උනත් දිග උනත් මේ කොන්ඩ මෝස්තරේ ඔයාට කැමති විදියට ගලපගන්න පුලුවන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here