කර්මාන්තකරුවන්ට ඉන්ධන දෙන්න නව වැඩපිළිවෙළක්!

0
3

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:කර්මාන්තකරුවන්ට ඉන්ධන ලබා දීම සදහා නව වැඩපිලිවෙලක් සකස් කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර පවසයි.

ඒ අනුව ඉන්ධන ලීටර් 400ට අඩු ප්‍රමාණයක් අවශ්‍ය කර්මාන්තකරුවන්ට සිය බලප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව පිරවුම්හලකින් ඉන්ධන ලබාගත හැකිය.

එමෙන්ම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිර්දේශය මත ඉන්ධන ලීටර් 400ත් 6600 අතර ප්‍රමාණයක් අවශ්‍ය කර්මාන්තකරුවන්ට ඉන්ධන ලබාගත හැකි අතර ඒ, ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඉන්ධන පිරවුම්හල්වලිනි.

ඉන්ධන ලීටර් 400ට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය කර්මාන්තකරුවන් සිය ඉල්ලීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතුය.

The post කර්මාන්තකරුවන්ට ඉන්ධන දෙන්න නව වැඩපිළිවෙළක්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here