පිළියන්දල කරදියාන කුණු කන්දේ විශාල ගින්නක් පැතිර යන බව අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති චතුර කහදව ආරච්චි මහතා පැවසීය.
එම ගින්න පොලිතින් ගොඩ ගසා කන්දෙන් අද පස්වරු 3 ට පමණ හටගත් බව සභාපතිවරයා කීය.
ගින්න නිවීම සඳහා කෝට්ටේ මොරටුව සහ කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකය කැඳවූ බවත් ගින්න සීඝ්‍රයෙන් පැතිරීම හේතුවෙන් ගුවන් හමුදාවේ ද සහාය ඉල්ලා සිටි බැවින් හෙලිකොප්ටර් දෙකක් ගින්න නිවීම සඳහා එක්වීමෙන් ගින්න පැය දෙකක පමන කාලයකදී යම් තරමකට පාලනය කිරීමට හැකිවූ බව සභාපතිවරයා කීය.
අධික වියළි කාලගුණයක් සමගම මේ ආකාරයෙන් ඉකුත් වසරේද කසල කන්දේ ගින්නක් හටගත් බවත් මෙම ගින්න හේතුවෙන් සියයට 15 පමණ වපසරියක් විනාශ වී ඇතැයිද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Saru News













