කරදරකාරී හිස්හොරි ( Dandruff ) සුවවීම සඳහා නිවසේදීම කළ හැකි සත්කාර

0
9


කරදරකාරී හිස්හොරි කියන්නෙ බොහෝ දෙනා අතර බහුල ගැටලුවක්. ඒ සඳහා ස්වාභාවික වගේම වෙනත් ප්‍රතිකාරත් තිබෙනවා.නමුත් හිස්හොරි සඳහා හොඳම ප්‍රතිකාරය වන්නේ ස්වාභාවික ප්‍රතිකාර ක්‍රමයි.ඇයි මේ හිස්හොරි ඇතිවෙන්නෙ ? මොනවද හිස්හොරිවලට ස්වභාවික ප්‍රතිකාර ? ඒ ගැන අපි මේ ලිපියෙන් කතා කරමු

උණු වතුරෙන් හිස සේදීම
නිතර ස්නානය හේතුවෙන් හිසෙහි ස්වාභාවික තෙල් ගතිය නැතිවීම
මානසික ආතතිය
හිස් කබල අපිරිසිදු වීම
හිස් කබලෙහි කන්ඩිශනර් ආලේපය
ශැම්පු කිරිමෙන් පසු හිස හොඳින් සෝදා නොගැනීම
හිස මත දිලීර ඇතිවීම
සමේ රෝග

කෝමාරිකා කියන්නේ බොහොම හොඳ ස්වාභාවිකව විශ නසන ඔසුවක්.ඒ වගේම සුව ගුණ දෙන ප්‍රසිද්ධ සාරවත් ශාකයක්.එහි කොළ මදයේ ඇමයිනෝ අම්ල සහ ප්‍රතිඔක්සිකාරක වැනි ජෛව සක්‍රීය සංයෝග කිහිපයක් අඩංගු වනවා.

කෝමාරිකා මදය සුරා ආලේප කිරීම මගින් හිස්හොරි අවම වෙනවා
කෝමාරිකා යුෂ හිසෙහි ආලේප කර විනාඩි 20 ක් පමණ තබා ‌සෝදා හැරීමෙන් ඔබට හොඳ ප්‍රතිඵල ලබාගන්න පුලුවන්

උළුහාල් වල අඩංගු ගුණ නිසා නිසා හිස්හොරි සුව‌වෙන බව බොහෝ ආයුර්වේද වෛද්‍යවරුන් පවසනවා

උළුහාල් මේස හැන්දක් රාත්‍රියේ සිට පෙගෙන්න තබන්න.පසු දා උදෑසන එය මද උණුසුම් ජලය සමග මිශ්‍රකර අඹරාගෙන , තලපයක් සකස් කර හිසේ ගල්වා විනාඩි 10 කට පසු සෝදන්න

නැතිනම් උලුහාල් සහ දෙහි එකට තම්බා හොදින් බ්ලෙන්ඩර් කර ස්නානය කරන විට හිසේ ආලේප කිරීමත් කරන්නට පුලුවන්

මෙය හිස්කබලේ pH අගය යථා තත්වයට පත් කරමින් යීස්ට් වර්ධනය වළක්වනවා.ඒ වගේම එය ස්වාභාවික කෙස් පවිත්‍රකාරකයක් ලෙසද ක්‍රියා කරන අතර හිස් කබලෙහි සිදුරු හා කෙස් මුල පිරිසිදු කිරීමට උපකාරී වෙනවා.

ඇපල් සයිඩර් විනාකිරි කෝප්ප දෙකක් සීතල වතුර කෝප්ප තුනක් සමඟ මිශ්‍ර කර ,ෂැම්පූ කිරීමෙන් පසු ඔබේ හිසකෙස් සෝදන්න.මිනිත්තු දෙකකට පමණ පසුව සෝදා හරින්න .හොඳ ප්‍රතිඵල සඳහා සතියකට වරක් මෙම සත්කාරය කරන්න

පොල්තෙල් මගින් හිස්කබලේ තෙතමනය වැඩි දියුණු කිරීම, සමේ කැසීම අඩු කිරීම සහ හිස්කබලේ දිලීර වර්ධනය වීම වළක්වාලීම සිදුකරනවා

පොල්තෙල් කෙලින්ම හිස් කබලේ ආලේප කරන්නට හැකි අතර ඔබට අවශ්‍ය නම් පොල්තෙල් අඩංගු ෂැම්පු වර්ගයක් උනත් භාවිතා කරන්න පුළුවන්

පොල් තෙල්, ඔලිව් තෙල් සහ මී පැණි තේ හැඳි 2ක් බැගින් ගෙන එයට යෝගට් තේ හැඳි 3ක් එක් කර හිසෙහි ආලේප කරන්න.විනාඩි 10 ක් පමණ සම්බාහනය කර පැය භාගයකට පසු සෝදා හරින්න.
නැතිනම් ,
පොල් තෙල් මේස හැඳි 5 කට දෙහි යුෂ මේස හැන්දක් එක්කර හිසේ ගල්වා පැය භාගයකින් ‌සෝදා හරින්න.

කොහොඹ යනු විවිධ රෝග ගණනාවක් සදහා ඉතා හොද ප්‍රතිකාරයක්.එමෙන්ම මෙය හිස්හොරි සදහාත් ඉතා හොද ප්‍රතිකර්මයකි.

කොහොඹ කොළ කෝප්ප දෙකකට පමණ වතුර කෝප්ප හතරක් එකතු කර රත් කරන්න.විනාඩි පහළොවක් පමණ රත්වුනු පසු එය සිසිල් වන්නට ඉඩ හැර,කොහොඹ කොළ ඉවත්කර එම වතුර හොදින් ඔබේ හිසකෙස්වල තවරන්න
සතියකට දෙතුන් වරක් මෙම සත්කාරය කිරීමෙන් ඔබට ඉතා සාර්ථක ප්‍රතිපල ලබාගත හැක

සුදු විනාකිරි මගින් ඔබගේ හිස් කබලෙහි දිලීර ඇතිවීම වළක්වා හිස්හොරි ඇතිවීමත් වළක්වනවා

ෂැම්පු කිරීමෙන් පසුව සුදු විනාකිරි කෝප්ප භාගයකට ජලය කෝප්ප 2ක් මිශ්‍ර කර හිසේ ආලේප කරන්න.
මිනිත්තු 5කින් පමණ පසුව හිසකෙස් සෝදා හරින්න .

විනාකිරි කොටස් දෙකකට ඔලිව් තෙල් කොටස් 1ක් හා ජලය කොටස් 3ක් එක්කර මිශ්‍ර කර ගන්න.මෙය හිස්කබලේ තවරා මිනිත්තු 10ක් පමණ තබා මෘදු ෂැම්පු එකක් භාවිතා කර සෝදා හරින්න
සතියකට දෙවරක් හෝ තෙවරක් මෙම ප්‍රතිකාරය සිදු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න ඔබට පුලුවන්

හිස්සොරි වදයෙන් පීඩා විඳින ඔබට මෙම ස්වාභාවික සත්කාර වලින් කැමති සත්කාරයක් අනුගමනය කර බලන්නට පුලුවන්.

ඔබ හිස තබන කොට්ටයේ කොට්ට උරය දින දෙකකට වරක් වත් මාරු කිරීම ,
පිරිසිදු පනාවක් භාවිතා කිරීම
හිස පිස දැමීමට වෙනම පිරිසිදු තුවායක් භාවිතා කිරීම වැනි දේවලුත් ඔබ කරන්න ඕන.

හිසකෙස් කියන්නේ කාන්තාවකට වටිනා ආභරණයක් නිසා එය ලස්සනට පවත්වාගෙන යෑමත් ඔබ කරන්නම ඕන දෙයක්.ඉතින් මේ ලිපියෙන් අපි ඔබට කිව්වේ හිස්හොරි සඳහා නිවසේදීම ඔබට කරන්න පුලුවන් සාර්ථක ස්වාභාවික ප්‍රතිකාර ගැනයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here