පිම්පල්ස් බොහෝ තරුණියන්ට හිසරදයක් වූ දෙයක්. අපේ රූපයට හානි කරන, අපේ පෞරුෂය බිඳ දමන පිම්පල්ස් වලට එරෙහිව සටන් කරන්න අපි ස්මාර්ට් වෙන්න ඕනෑ. සැලෝන් ගිහින් සත්කාර කරනවා වගේම අපිට ගෙදරදීත් පිම්පල්ස් වකට එරෙහිව රූපලාවණ්‍ය සත්කාර කරන්න පුලුවන්.
මේ කියන්නේ ඒ වගේ සත්කාර ගැන.
ට්‍රී ට්‍රී ඔයිල් පිම්පල්ස් ඇති තැන්වල තවරා විනාඩි විස්සකින් උණුසුම් වතුරෙන් සෝදා හරින්න.
ස්වභාවික කෝමාරිකා යුෂ රාත්‍රිය පුරා තවරා තබන්න.
පිරිසිදු මී පැණි ආසාදිත ප්‍රදේශවල ගල්වා මඳ උණුසුම් වතුරෙන් උදෑසන සෝදා හරින්න.
ඇස්ප්‍රින් පෙත්තක් කුඩු කර පිම්පල් එක මත තවරා විනාඩි දහයකින් පමණ සෝදා හරින්න.
පාවිච්චි කළ ග්‍රීන් ටී බෑග් ශීතකරණයේ දමා සීත කරන්න. රෑ නින්දට පෙර පිම්පල්ස් ඒවාගෙන් තවා ගන්න.
පිපිඥ්ඥා යුෂ අධි ශීතකරණයේ දමා අයිස් කියුබ් සාදා ගන්න. කියුබ් එකක් මෘදු රෙදි කඩක ඔතා ඒවාගෙන් පිම්පල් එක තවා ගන්න.
සතියට දෙවතාවක් මෙය සිදු කරන්න.
සතියට දෙවතාවක් මෙය සිදු කරගැනීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.
මේ සත්කාර වලින් පසු ඔබට පිම්පල්ස් වල කරදරය නැති කර ගන්න පුලුවන්.
නමුත් අමතක නොකළ යුතුම කාරණාව මේවායින් පිම්පල්ස් වලට බලපෑමක් නොවුණේ නම් ඔබේ හෝමෝන හෝ සමේ ගැටලුවක් ද යන්න පරීක්ෂා කර ගැනීම හොඳ දෙයක්. එවැනි ගැටලුවක් නම් දුක් වන්න එපා. පිම්පල්ස් සහිතව වුවත් ලස්සනට ඉන්න.
ගැහැණු ළමයෙකුගේ සුන්දරත්වය කුඩා බිබිලි කිහිපයකට නැති කරන්න බෑ.
Saru FM Media