ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ඝාතනය වීමත් සමග පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි ඇමෙරිකා කොන්සියුලර් කාර්යාලයට කඩාවැදීමට උත්සාහ කළ කෝපයට පත් ඉරාන හිතවාදී විරෝධතාකරුවන් පාලනය කිරීමට පාකිස්තාන හමුදා සිදුකළ වෙඩි තැබීමකින් 9 ක් මියගොස් තවත් 12 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
එසේම පාකිස්තානයේ ස්කාර්ඩු නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාල ගොඩනැගිල්ල ඉදිරිපිට රැස්වූ විරෝධතාකරුවන් එම ගොඩනැගිල්ලට ගිනිතබා ඇතැයිද පාකිස්තාන මාධ්‍ය වාර්තා කර ඇත.
ලාහෝර්හි පිහිටි ඇමෙරිකා කොන්සියුලර් කාර්යාලය ඉදිරිපිටද කමේනි ඝාතනයට එරෙහිව විරෝධතාකරුවන් රැස්වී ඇතත් එහි කිසිඳු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නැති බවද මේ අතර වාර්තා වේ.
එසේම ඉරාකයේ බැග්ඩෑඩ් නුවර ඇමෙරිකාව තානාපති කාර්යාල පරිශ්‍රය ඉදිරිපිටට රැස්වූ විරෝධතාකරුවන් එම පරිශ්‍රයට ඇතුළත් වීමට උත්සාහ දරා ඇති බවත් එරට ආරක්ෂක අංශ එය සාර්ථවක වළකා ඇති බවත් විදෙස් මාධ්‍යවල දැක්වේ.
Saru News
















