කම්කරු අමාත්‍යංශයත් ඩිජිටල්කරණය වෙයි

0
11


වත්මන් රජයේ ප්‍රමුඛතම ව්‍යාපෘතියක් වන්නේ රට ඩිජිටල්කරණයට ලක් කිරීමේ වැඩපිළිවෙළයි.

ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය රාජ්‍ය යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක කිරීම ක්‍රමයෙන් ආරම්භ වෙමින් පවතිනවා.

කම්කරු අමාත්‍යාංශය ඩිජිටල්කරණයට ලක් කරමින් එහි සේවා කඩිනමින් සහ ඵලදායි ලෙස ජනතාවට ලබා දීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) පැවැත්වුණා.

කොළඹ පිහිටි කම්කරු අමාත්‍යාංශයේදී පවැත්වුණේ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

එම සාකච්ඡාවේදී කම්කරු අමාත්‍යංශය යටතේ පවතින ප්‍රධාන ආයතනයක් වන කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා, වඩා කඩිනම් සහ ඵලදායි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව අවධනයට ලක් කෙරුණා.

ඒ සඳහා ඩිජිටල්කරණය ව්‍යාපෘතිය ආදේශ කරගන්නා ආකාරය සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කෙරුණා.

ඒ අනුව සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට කඩිනමින් අදාළ සේවා අවම කාලයකින් සැපයීමත් මාර්ගගතව සහ ඩිජිටල්කරණය මගින් ලබා දිය හැකි සේවා කාර්යක්ෂමව ලබා දීමටත් අවධානය යොමු වුණා.

විශේෂයෙන් කම්කරු දෙපාර්තමේන්තුව, මහ බැංකුව , සේවක අර්ථසාධක අරමුදල ආදී ආයතනවලින් කම්කරු ජනතාවට සේවා සැපයීමේදී ඒකාබද්ධ ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී මතු කළා.

මෙම ඩිජිටල්කරණ වැඩපිළිවෙළ හරහා කම්කරු ජනතාවට සිය ප්‍රතිලාභ ලබා ගැනීමේදී සහ සෙසු සේවා ලබා ගැනීමේදී කාලය හා ශ්‍රමය ඉතිරි කර ගැනීමත්, වඩා තෘප්තිමත් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමටත් හැකිවනු ඇති බව මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා.

මෙම සාකච්ඡාව සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස මහතා, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ නිලධාරීන්, මහ බැංකු නිලධාරීන් මෙන්ම මොරටු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here