‘කපුටු කාක් කාක් කාක්’ ‘පච ලාබයි නෝනා මහතුනේ’! මැරුණත් නොමැරෙණ අදටත් ජීවත් වෙන ෆ්‍රෙඩී සිල්වා! Sri Lanka Latest News

0
3


‘කපුටු කාක් කාක් කාක්’ ආයෙත් ඇහෙන්න පටන් අරගෙන. මේ වතාවේ වෙසක් පෝයට දන්සල් කන්න යන අයගේ නළාවලින් ‘කපුටු කාක් කාක් කාක්’ වාදනය වෙනවා. මේ ‘කපුටු කාක් කාක් කාක්’ වාදනය වීම පටන් අරගත්තේ අරගල කාලේ. ‘කපුටු කාක් කාක් කාක්’ කතන්දරේ ඇතුළේ හිටියේ ලංකාවේ ඉතා ප්‍රකට දේශපාලකයෙක්. ඔහුගේ නමත් එක්ක ඈඳිච්ච ‘කපුටු කාක් කාක් කාක්’ කතන්දරයත් මේ විදියට දුරදිග ගිය බව තමයි අපිට දැනෙන්නේ. කොහොම වුණත් දැන් දේශපාලකයන්ගේ හොරකම්, මැරකම්, ජඩකම් ගැන කතාකරද්දී ‘කපුටු කාක් කාක් කාක්’ කියන්න පටන් අරගෙන තියෙනවා. ‘කපුටු කාක් කාක් කාක්’ කතන්දරය එන්නේ අපි කවුරුත් දන්න ප්‍රකට ගායකයෙක් වෙච්ච, ප්‍රකට නළුවෙක් වෙච්ච, ප්‍රකට කලාකරුවෙක් වෙච්ච ෆ්‍රෙඩී සිල්වාගේ ගායනයක් එක්ක. ෆ්‍රෙඩී සිල්වා මීට අවුරුදු ගානකට කලින් ගායනා කරපු මේ ගීතය කොච්චර සත්‍යතාවක් සහිතව දේශපාලනික වශයෙන් මිනිස්සු අතරට ගියාද කියන එක හරිම පුදුමාකාරයි. රටේ වෙන්න පුළුවන් දේවල් මේ ගායකයෝ මේ කලාකාරයේ මීට අවුරුදු ගානකට කලින් තේරුම් අරන් තියෙනවා කියන එක දැන් අපිට හොඳටම පැහැදිලියි. Sri Lanka Latest News

මේ විදියටම ආයෙත් අලුත් සින්දුවක් එළියට ඇවිල්ලා. ඒ තමයි ‘පච ලාභයි’ කියන ගීතය. ‘පච ලාභයි’ කියන ගීතය ගායනා කරන්නෙත් අපි දන්න ෆ්‍රෙඩී සිල්වාම තමයි. ෆ්‍රෙඩීගේ පච ලාභයි ගීතය දැන් ඔන්න සමහරු කියනවා අදට ගැළපෙනවා කියලා. අපි නම් නෙවෙයි එහෙම කියන්නේ සමහරු. ඒගොල්ලෝ කියනවා අපේ රටේ දැන් තියෙන දේශපාලන ක්‍රමයට මෙන්න මේ ‘පච ලාභයි’ කියන ගීතය ගැළපෙනවා කියලා. අපි දන්නේ නෑ ගැළපෙනවද නැද්ද කියලා. කොහොම වුණත් ඉතින් ලංකාවේ දේශපාලනය ගැන ඔය වගේ සින්දු ඕනේ තරම් ගැළපෙන බව හොඳටම අපිට විශ්වාසයි. මොකද ලංකාවේ දේශපාලකයෝ කොහොමත් දේශපාලනය කරන්නේ අපි සාමාන්‍යයෙන් කතාකරන ‘පච ලාභයි’ ලාභයි කියන සම්ප්‍රදායේ දේශපාලනයක් එක්කම තමයි. ඒ වුණාට මේ වෙලාවේ අපේ අලුත් ආණ්ඩුව වැඩ කරගෙන යද්දී ඒගොල්ලෝ බොරු කියනවා කියන එක නිතරම දැන් දේශපාලන වේදිකාවේ විතරක් නෙවෙයි එළිමහනේ බොහෝ තැන්වලත් කියැවෙන්න පටන් අරගෙන.

හුඟක් වෙලාවට කට්ටිය කියන්නේ ඒගොල්ලෝ බලයට එන්න කලින් කියපු බොරු ටික දැන් අතේ පත්තු වෙලා කියලා. මේවට නෑ කිව්වට, මේවා බොරු කිව්වට සමහර දේවල් නම් තියෙනවා ඇත්තටම එහෙම වෙලා තියෙන. කළුතර පැත්තේ ඉන්න මන්ත්‍රීතුමියක් එහෙම නිතරෝම බොරු කියනවා. සමහර කියපුවා බොරු තමයි කියලා උන්දෑ පිළිගන්නවා. ඒ නිසා මේ බොරු කියන එක දැන් අපේ රටේ දේශපාලන වශයෙන් විලාසිතාවක් වෙලා වගේම මේගොල්ලෝත් ඒ සින්දුවට ගැළපෙන විදියට හැසිරෙනවද කියලා අපිටත් හිතෙනවා. අපිට එහෙම හිතුණට අපි ඒ සින්දුව කියන්නේ නෑ. ඒ වුණාට රටේ මිනිස්සු අන්න ඒ සින්දුව මේ වෙලාවට ගැළපෙනවා කියලා කියනවා.

අපි මේ ලිපිය ලිව්වේ වෙන මොනවටවත් නෙවෙයි. බලන්නකෝ මේ එදා හිටපු ගී පද රචකයෝ, එදා හිටපු ගායකයෝ, එදා හිටපු සංගීතවේදියෝ ගායනා කරපු සින්දු කොච්චර නම් සර්වකාලීනයිද? සර්වකාලීනයි කියන එකෙන් අදහස් කරන්නේ හැම කාලයකටම ගැළපෙනවා කියන එක. එදා වගේ නෙවෙයි. අද තාක්ෂණය වෙනස්. අද රට වෙනස්. අද මිනිස්සු හිතන විදිය වෙනස්. අද මිනිස්සුන්ගේ ජීවිත වෙනස්. අද සංගීතය වෙනස්. සාහිත්‍යය වෙනස්. හැම දේම වෙනස් වුණාට මේ ගීත විතරක් හැමදාටම ගැළපෙන විදියට ලියන්න, හැමදාටම ගැළපෙන විදියට ගායනා කරන්න එදා හිටපු පැරැණි ගායන ශිල්පීන් සමත් වෙලා තියෙන බව තමයි අපිට දැන් පිළිගන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ඔන්න අපි කිව්ව නිසා කාටවත් මේවා කියලා විහිළු කරන්න නෙවෙයි, නිකමට අහලා බලන්නකෝ. ‘කපුටු කාක් කාක් කාක්’ නම් දැන් අහලා පුරුදු ඇතිනේ. අහලා බලන්න අලුත් සින්දුව ‘පච ලාභයි’.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here