ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා එයාර්බස් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බවට වූ චෝදනාවකට අදාළවය.
කපිල චන්ද්‍රසේන මහතා ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබූ අතර, පැය 7කට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
Saru News
















