‘කප්පම්කාරයෝ’ දකුණේ දැන් පෙන්නනවා! Sri Lanka Latest News

0
14


සංවිධානාත්මක අපරාධකරුවන්ගේ නමින් ව්‍යාජව පෙනී සිටිමින් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් මුදල් ලබාගැනීමේ කල්ලියක් දකුණු පළාත ආශ්‍රිතව හිස ඔසවා ඇති බව පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් තොරතුරු අනාවරණ කරගෙන තිබේ. Sri Lanka Latest News

එම අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීම මත දෙයියන්දර ප්‍රදේශයේ සැඟව සිටි කප්පම්කරුවන් දෙදෙනකු ගිනි අවි දෙකක්ද සමග අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

අදාළ සැකකරුවන් කොළඹ ව්‍යාපාරිකයකු බියවද්දා රුපියල් ලක්ෂ 2ක කප්පම් මුදලක් ලබාගැනීමට තැත්කර ඇති බව හෙළිව තිබේ.

දකුණේ හිස ඔසවන කප්පම් කල්ලි පිළිබඳ පැමිණිලි 40කට අධික සංඛ්‍යාවක් මෙම විමර්ශන අංශයට ලැබී ඇති අතර, ඒ පිළිබඳ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

ප්‍රේමලාල් විජේරත්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here