නවසීලන්තයේ උසම කන්ද සේ සැලකෙන ‘අඕරාකි’ නෙවත් කුක් කන්ද තරණය කිරීමට ගිය කඳු නගින්නන් දෙදෙනකු කන්දෙන් පහළට වැටී මියගොස් තිබේ. ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති මීටර් 3724ක් උසැති කුක් කන්ද තරණය කිරීමට කඳු නගින්නන් හතරදෙනකු විසින් උත්සාහ දැරූ අවස්ථාවේදී මෙසේ ඉන් දෙදෙනකු පහළට වැටී මියගොස් ඇති අතර ඉතිරි දෙදෙනා තුවාල ලැබීමකින් තොරව හෙලිකොප්ටර් යානයක් යොදවා මුදා ගැනීමට බලධාරීන්ට හැකිව තිබේ.
කුක් කන්දෙන් පහළට වැටුණු කඳු නගින්නන් දෙදෙනාගේ මළසිරුරු සොයාගෙන ඇතත් එම සිරුරු රැගෙන ඒම සඳහා ඊයේ සවස් වන විටද නවසීලන්ත බලධාරීන් විසින් කටයුතු කරමින් සිටි බව වාර්තා විය.
Saru FM Media









