කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!

0
2

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ ඔප්පු ලබා දී තිබේ.

මස්කෙළිය වසමට අයත් ප්‍රදේශ රැසක එළවළු වගා කරන ගොවීන් මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ සාමාජිකත්වය ලබාගෙන තිබුණු අතර ලියාපදිංචි වූ වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට රක්ෂණ ඔප්පු ලබා දීම සිදු කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රථම වතාවට මෙතරම් සාමාජික පිරිසකට ගොවි විශ්‍රාම රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීම සිදු කළ අවස්ථාව මෙය බව දැක්වෙයි.

මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනවිය, හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අශෝක කරුණාරත්න මහතා ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් මස්කෙළිය සාම්මලේදී එම වැඩසටහන සංවිධානය කර තිබුණි.

මෙරට ගොවි ජනතාවගේ විශ්‍රාම දිවිය අභිමානවත් විශ්‍රාම දිවියක් කිරීම සඳහා කෘෂිකර්ම සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් මෙම රක්ෂණ ක්‍රමය හදුන්වා දී ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here