කන සරසන අලුත් විලාසිතා

0
11


කරාබු කිව්වම හිතට එන්නේ ගෑණු ලමයි අඬව අඬවා කන් විදලා කනේ එල්ලන සුක්කුරුත්තම් ජාතියක්. පොඩිම කාලෙ අඬ අඬා එල්ලගනන්වා වුනාට, ටිකක් දැනුම් තේරුම් තියෙන වයසට එනකොට ගෑණු ළමයි කරාබු වලට පිස්සු වැටෙනවා. එක එක අවස්ථා වලට, එක එක විදියට , එක එක පාට වල කරාබු තෝරන්න පටන් ගන්නව. පිරිමි ළමයි පොඩි කාලෙදී කරාබු දාන්නේ නැති වුනත්, රැල්ලට, ලස්සනට, ආසාවට කන විදලා ඉන්න පිරිමි ළමයි බොහොම දෙනෙකුත් දැනගන්න පුලුවන්. කරාබු දාන, නොදාන කට්ටියටම කරාබු ගැන රස කතා ටිකක් මේ.

කන සරසන අලුත් විලාසිතා

අවුරුදු දහස් ගනනකට ඈත අතීතයක් හාරාගෙන යද්දී කරාබු ගැන කතන්දර බොහෝමයක් හමුවෙනවා. මුල්ම කාලේ ස්ත්‍රී පුරුෂ දෙගොල්ලෝම කරාබු පැළඳලා තියෙන බව තමයි අතීත සාක්ෂි කියන්නේ. අවුරුදු 5000 කට ඈත වයසක් කියන ඉතාලියේ සාක්ශි වලට අනුව පිරිමි අයත් කරාබු පැළඳලා තියෙනවා දැනට යුරෝපයෙන් හොයාගෙන තියෙන පැරණිම මමිය විදියට සැලකෙන “ඔට්සි” කියන අයිස් මිනිසාගේ කන් පෙත්තේ තියෙන මිලිමීටර 6-11 ප්‍රමාණයේ සිදුර කරාබු පැළඳීම පිලිබඳව මනා සාක්ශියක් විදියට තමයි සැලකෙන්නේ. ඒ වගේම ඊජිප්තු තුන්කාමුවරුන් මරණයෙන් පස්සේ පළඳවලා තියෙන වෙස් මුහුණේත් කන් පෙති වල කරාබු නිසා කියලා අනුමාන සිදුරු දැකගන්න පිලිවන් වෙනවා. ඒත් එක්කම පර්සියාවේ යුධ විරුවන් කරාබු පැළඳලා හිටපු බවට සාක්ෂි තියෙනවා. ඒත් එක්කම වහළුන්ගේ වහල් භාවය පෙන්නන සාක්ශියක් විදියටත් කරාබු පැලඳවීම සිදු කරලා තියෙනවා. 

අපේ අතීත මිනිස්සු විස්වාස කරලා තියෙන විදියට, අපේ ඇඟට ලෙඩ දුම් සහ භූත බලවේග ඇතුළු වෙන්නේ සිරුරේ තියෙන සිදුරු හරහා.( විද්‍යාත්මකවත් ඒ කතාව සත්‍යයක්) . ඒ විවර වල යන්ත්‍ර, එහෙම නැත්නම් ආභරණ පැළඳීමෙන් ආරක්ශාව සැලසෙන බව ඔවුන් විශ්වාස කරලා තියෙනවා. ඒ වගේම අතීත වෛද්‍යවරුන්ගේ විශ්වාසවලට අනුව, කරාබු වල තියෙන මැණික් ගල් හිසරදයට සුව දෙන බවත්, දෘෂ්ඨිය වැඩි කරන බවත් කියැවෙනවා. 

 රිදී, රත්‍රං, ලී, මුතු පබළු, මැණික්, ප්ලාස්ටික් , රෙදි, ලී , අස්ථි කැබලි ආදී නේක විධ දේ කරාබු හදන්න භාවිතා කරනවා. කන විදලා වගේම විදින්නේ නැතුව ප්ළඳින්න පුලුවන් කරාබුත් තියෙනවා. ඒත් එක්කම විවිධ හැඩ වලට හැදුණු කරාබු තියෙනවා. Stud, Hoops, Drops, Dangles, Huggies , Tear drops,Clusters,Fish hooks, Piercing , කියන්නෙ කරාබු වලට තියෙන හැඩතල කිහිපයක්.අවස්ථාවට, මූණට සහ සාක්කුවට ගැලපෙන විදියට හැඩතල ගලපලා කරාබු පළඳින එක හරිම වැදගත්.

Stud earrings බහුලවම භාවිතා වෙන කරාබු වර්ගයක්. කනේ අගට තෙරපෙන විදියට, පහතට එල්ලා නොවැටෙන විදියට තියෙන කරාබු තමයි මේ නමින් හැඳින්වෙන්නේ. සාමාන්‍යයෙන් මේ කරාබු වල තියෙන්නේ සරළ මෝස්තර. දියමන්ති ඔබ්බවපු stud earrings ලෝකය පුරාම ඉතා ජනප්‍රිය ආයිත්තමක්.

සරළ මෝස්තර හැඩයක් වගේම කන් පෙත්තෙන් පහළට එල්ලීමක් එක්ක තියෙන කරාබු පළඳින්න ආස කෙනෙක් නම් ඔයා තෝරගන්න ඕනි Drop earrings. Stud earrings වලම දිගු කරපු වර්ගයක් වගේ හඳුනගන්නත් පුලුවන්.

මේකත් stud earrings වගේමයි. දියමන්ති කැබලි හරි මැණික් ගල් හරි කිහිපයක් එකට එකතු කරලා පොකුරක් වගේ හැදෙන කරාබු තමයි මේ. එතකොට මේක සාමාන්‍යයෙන් සරළ කරාබු වලින් ටිකක් වෙනස් වෙනවා.

සාමාන්‍යයෙන් dangle වල තියෙන්නේත් drop earrings වල විදියමයි. ඒත් drop earrings වලට වඩා එල්ලීමක් එක්ක පහතට කඩා වැටීමක් තියෙනවා.

මේ කරාබු වළල්ලක් වගේ කන් පෙත්තෙන් පහතට කඩාගෙන වැටෙන විදියට තමයි තියෙන්නේ. වටකුරු , ත්‍රිකෝණාකාර , හතරැස් , ඕවාලාකාර, තරු හැඩ වගේ විවිධ හැඩතල වලින් දකින්නත් පුලුවන්. ඉතාම කුඩා ප්‍රමාණ වල ඉඳන්, විශාල ප්‍රමාණ දක්වාම hoop earrings තියෙනවා. දියමන්ති ඔබ්බවලා හදන මේ වර්ගයේ කරාබු වලින් ඔබට වඩා ආකර්ෂණීය පෙනුමක් ලබා ගන්නත් පුලුවන්.Huggie earrings 

කන් පෙත්ත වටේ එතීමක් විදියට තියෙන කරාබු තමයි මේ. Hoop earrings පැටලිලා කනට තුවාලවේවි කියලා හිතෙනවා නම්, මෙන්න මේක ඒ වෙනුවට ඔයාට ගැලපෙනම කරාබු වර්ගයක්. 

 මේක ටිකක් සුඛෝපභෝගි කරාබු වර්ගයක්. Dangle earrings වලටම සමාන වුණත්, මේ කරාබු වර්ගය දියමන්ති ඔබ්බවලා එල්ලෙන ආකාරයට තමයි තියෙන්නේ. 

නමින්ම කියවෙන විදියට සිහින් නූලක් කන් පෙත්ත හරහා වැටිලා එල්ලෙන කරාබු මේ නමින් හැඳින්වෙන්නේ. එතකොට කනෙන් දෙපැත්තටම කරාබුව එල්ලෙන විදියට තියෙනවා.

කරාබුවේ ප්‍රධානම කොටසක් කන් පෙත්තේ පිටුපසට වෙන්නත්, ඉදිරිපස දියමන්ති හරි කුඩා ගල් කැබැල්ලක් හරි වෙන විදියට හදපු සැකසුමක් තමයි මේ කරාබු වල තියෙන්නෙ. කන් පෙත්තේ පිටුපසින් තියෙන කොටසෙන් එල්ලෙන් විදියට කරාබුවේ අනෙක් කොටස සකස් කරලා තියෙනවා.

කන් පෙත්තේ ඉහලට යන විදියට සකස් කරපු කරාබු තමයි මේ. කන් පෙත්තෙ පාමුලින් පටන් අරගෙන, ඉහලට දිවෙන මෝස්තර මේ වර්ගයේ තියෙනවා. 

මේ වර්ග වලට අමතරව විවිධාකාර කරාබු විලාසිතා ගොඩක් තියෙන බවත් අමතක කරන්නෙපා.

කවදකමහරි කරාබු හීනෙන් දැකලා තියෙනවද? එහෙම නම් ඒ හීනයේ අරුත ඔබට බොහෝම වටිනා කියන එකක්. කරාබු හීනෙන් දකින එකේ සරලම අදහස තමයි ඔබ බලාපොරොත්තු නොවන වාසනාව සහ සතුට ඔබට ළං වෙන බව. අලුත් අවස්ථා, අනෙක් අය අතරේ පිළිගැනීමට ලක් වීම, සාර්ථක වීම, ආදායම ඉහළ යෑම වගේ ධනාත්මක කාරණා වල සංඥා තමයි කරාබු හීන කියන්නේ. 

පාරේ තොටේදි, කඩේකදී දකින දකින කරාබු අරගෙන කන් වල දාල හැඩ බලනවට වඩා හරි අපූරු දෙයක් තියෙනව. ඒ කරාබු තෑගි ලැබෙන එක. තෑගි ලැබෙන කරාබුවක් නිසා දැනෙන්නේ කොහොම හැඟීමක්ද කියලා දැනගන්න නම් ජීව්තේ එකම එක වතාවක් හරි කාගෙන්ම හරි කාරාබු ජෝඩුවක් තෑගි ලබන්නම වෙනවා. සමහර විට ඒ කරාබු ජෝඩුව ආයෙ මැරෙනකල්ම කන් සරසවන කරාබු ජෝඩුව වෙන්නත් පුලුවන්. එහෙම තෑගි ලැබෙන කරාබු වල වටිනාකම් කියැවෙන්නේ මෙන්න මෙහෙම.

මිනිස් ශරීරයේ වඩාත්ම සංවේදී තැනක් කන් පෙත්ත. එතැන සරසවන තෝඩු යුගලක් තෑගි ලැබෙන්නේ ඔබේ සංවේදී හිතට බොහෝම වටිනාකම් තියන කෙනෙක්ගෙන්. සංවේදීම සවේදනයන් දැනෙන තැනක් ලස්සනට සරසලා තියන එක හැම කෙනෙක්ම කරන්නේ නැහැ. බොහෝ අය පිරිදි වෙලා ඉන්නේ සංවේදී තැන් දඬමීමා කරගෙන තම තමන්ගේ වැඩ කරගන්නනේ. ඉතින්, ඔබට තෝඩු තෑගි දෙන කවුරුන්ම හෝ ඉන්නවා නම්, ඒ කෙනාට ඔබව බොහෝම වටිනා බව පිලිගන්න. ඒක ආධ්‍යාත්මික බැඳිමක් තරමටම වෙන්නත් පුලුවන් බව විශ්වාස කරන්න.

ඉතින්, කරාබු දානවා වගේම කරාබු ගැන හොයලා බලලා මේ කරුණු දැනගන්න එකත් හරිම ලස්සන අත්දැකීමක් නේද??



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here