කන්න කිහිපයකින් වී සහ සහල් ඒකාධිකාරය බිඳ දමන බව ජනපති කියයි

0
11


වී සහ සහල් වෙළඳපොළේ පවතින ඒකාධිකාරය බිඳ දැමීම සඳහා එම වෙළඳපොළට අවතීර්ණ වීමට රජය ස්ථාවර තීන්දුවක් ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ සඳහා අවශ්‍ය මූලික පියවර මේ වන විටත් ගෙන ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී අද පෙරවරුවේ පැවති ජාතික අලුත් සහල් මංගල්‍යයට එක්වෙමින් ජනාධිපතිවැයා මේ බව කියා සිටියා. 

Neth Sound · ANURA 01

වී සහ සහල් වෙළඳපොළේ පවතින විකෘතිභාවය අවසන් කිරීමට කන්න 2ක් හෝ 3ක කාලයක් ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ. 

Neth Sound · ANURA 02

සාම්ප්‍රදායිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදියි. 

“අහරින් ස්වයංපෝෂිත දැයක් තනන්නට එක මිටට ගොවි බිමට” තේමාව යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව 58 වන වරට මෙවර ජාතික අලුත් සහල් මංගල්‍යය සංවිධානය කර තිබුණා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here