කන්තලේ – ත්‍රිකුණාමලය මාර්ගයේ මාරක රිය අනතුරක්

0
25


කන්තලේ – ත්‍රිකුණාමලය මාර්ගයේ 85 කණුව ආසන්නයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ. 

අග්බෝපුර සිට කන්තලේ දෙසට ගමන් ගත් කැබ් රථයක පසුපසින්, එම දිශාවටම ධාවනය වූ බස් රථයක් ගැටීමෙන් පසු, ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි   රථයක ද බස් රථය ගැටී තිබෙනවා.

අනතුරින් බස් රථයේ රියදුරු හා එහි ගමන් ගත් කුඩා දරුවන් ඇතුළු  20 දෙනෙකු තුවාල ලබා කන්තලේ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

අනතුර සම්බන්ධව අග්බෝපුර පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here