නිසි පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (27දා) උදෑසන පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී නිවේදනය කළේය.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සභාව පත්කර ඇත.
භෞතික පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම පිළිබඳව නිවැරදි සෙවීමක් සිදුකර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටින යෝජනාවක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහාතා විසින් ඉදිරිපත් කෙරිණ.
Saru FM Media









