කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියට පොලිස් නිලධාරියෙකු‌ගේ වැඩතහනම්?

0
8

කතෝලික පියතුමෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ එක් නිලධාරියකුගේ වැඩතහනම් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

මෙම පියතුමන් ගම්පහ, උඩුගම්පොළ සිට කිරිඳිවිට දෙසට යතුරුපැදියකින් ඊයේ (24) රාත්‍රියේ ගමන් කරමින් සිටියදී ඇතිවූ යම් සැකයක් මත පොලිස් නිලධාරීන් ඔහුට යතුරුපැදිය නවත්වන ලෙස සංඥා කර තිබේ.

නමුත් ඊට අවනත නොවී පියතුමන් කිලෝමීටර් එකහාමාරක් පමණ යතුරුපැදිය ඉදිරියට ධාවනය කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එම අවස්ථාවේ නිලධාරීන් පිරිස පියතුමන් හඹාගොස් යතුරුපැදිය නවත්වා ඇති බවත් එහිදී බහින්බස්වීමක් සමඟ පහරදීමක් සිදුවූ බවත් පවසමින් පියතුමන් රෝහල්ගතව ඇති බවත් පොලිසිය පැවසීය. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here