කතරගම දෙවියන් ආරූඪ වී හතර අතේ වැනූ කොස්තාපල් අත්අඩංගුවට

0
8


කතරගම දෙවියන් ආරූඪ වී ඇති බව පවසමින් මාර්ගයේ ගමන් ගත් වාහනවලට පහර දුන් පොලිස් නිලධාරියෙක් චුන්නාකම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා (25) දින මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පොලිස් ස්ථානයටම අනුයුක්තව රාජකාරී කළ කොස්තාපල්වරයෙක්.

පසුගිය 24 වනිදා මෙම පොලිස් කොස්තාපල්වරයා තනිකඩ භට නිවාසයේ රැඳී සිටි අවස්ථාවේ තමන්ට කතරගම දෙවියන් ආරූඪ වී ඇති බව පවසමින් අවේගශීලිව හැසිරී තිබෙනවා.

අනතුරුව ඔහු තම පුද්ගලික යතුරුපැදියේ නැගී කනදරාව ප්‍රදේශයට ගොස් මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහනවලට පහර දී ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම සිදුවීමට අදාළව යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග මත අත්අඩංගුවට ගැනුණු පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here