කඩුවෙල කර්මාන්ත ශාලාවක ගින්නක්

0
7

කඩුවෙල, රනාල ප්‍රදේශයේ කාඩ්බෝඩ් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩාවක අද (19දා) අලුයම ගින්නක් හටගෙන ඇති අතර ගින්නෙන් අදාළ කර්මාන්ත ශාලාවට දැඩි ලෙස අලාභ හානි සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කරයි.

ගිනි නිවීම් කටයුතු සඳහා කොළඹ සහ කෝට්ටේ මහ නගර සභා ගිනි නිවීම් ඒකක ද පැමිණ ඇති අතර මේ වන විට ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබේ.

ගින්නෙන් එම කර්මාන්ත ශාලාවට දැඩි ලෙස අලාභ හානී සිදුව ඇතැයි නවගමුව පොලීසිය පවසන අතර ගිනිනිවීම් කටයුතු සඳහා කොළඹ සහ කෝට්ටේ මහ නගර සභා ගිනිනිවීම් ඒකකය පැමිණ තිබුණි.

ගින්නට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැති බව නවගමුව පොලීසිය පවසයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here