පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඊයේ (22) සිදු වූ නායයෑම එම ස්ථානයට අවේනික අනතුරුදායක තත්ත්වයක් මිස, සමස්ත ප්‍රදේශයටම බලපාන අනතුරුදායක තත්ත්වයක් නොවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂක ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා පවසයි.
කඩුගන්නාව ප්‍රදේශයම නායයෑමේ අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය හරහා සංසරණය වන පුවතට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.
ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව අනියත බියක් ඇති කර ගත යුතු නැති බවය.
දුම්රිය මාර්ගය පිහිටා ඇති ප්‍රදේශය සම්පූර්ණයෙන්ම මව් පාෂාණය මත පිහිටා ඇති බවත්, නායයෑමට ලක්ව ඇති ස්ථානයේ ගැලවී ඇති පාෂාණය කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට ඉහළින් වූ එම මව් පාෂාණයෙන් දිරාගිය කොටසක් පමණක් වන බවද ඒ මහතා පැවසීය.
එමෙන්ම මේ හේතුවෙන් දුම්රිය මාර්ගයට හෝ ප්‍රධාන මාර්ගයට මහා පරිමාණ බලපෑමක් නොමැති බවද එම බලපෑම ඒ ඒ ස්ථානවලට පමණක් අදාළ වන බවද ඔහු පැවසුවේය.
අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ දැනට මාර්ගය වසා දමා ඇත්තේ කඩාවැටුණු පාෂාණ කොටස් ඉවත් කර මාර්ගයේ ආරක්ෂාව තහවුරු කිරීමට බවය.
Saru FM Media





