කඩුගන්නාවේ තත්ත්වය බරපතළයි – සියලු වාර්තා ගෙන ජනපති සමග සාකච්ඡා කර ඉදිරි පියවර තීරණය කරනවා

0
1

ඇමැති බිමල් කියයි

කඩුගන්නාවේ උද්ගතව ඇති තත්ත්වය බරපතළ බවත් සියලු වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඉදිරි පියවර තීරණය කරන බවත් ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන ඇමැති බිමල් රත්නායක මහතා ඊයේ (24දා) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

අවදානම්ව පවතින ගල් පුපුරුවා හැර මාර්ගය විවෘත කිරීමට සැලසුම් කළත් වැසි කාලය තුළ එය කිරීමට නොහැකි වී ඇති බවද ඒ නිසා එක් මංතීරුවක් හෝ තාවකාලික ප්‍රතිසංස්කරණවලින් පසුව විවෘත කිරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

වැටිච්ච ගල සහ වැටීමට ඉඩ තිබෙන ගල් පුපුරුවා දමා දවස් කිහිපයකින් පාරේ එක තීරුවක් විවෘත කරන්න සැලසුම් කළා.

නමුත් අද මාර්ග අධිකාරිය කිව්වා ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය උපදෙස් දුන්නා කියලා වහින වෙලාවේදී පිපිරුවොත් තව වැඩිවෙන්න පුළුවන් කියා. ඒ නිසා දැනට පාර ගිලා බැහැපු තැන් තාවකාලිකව ප්‍රතිසංස්කරය කරලා ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ උපදෙස් මත හෙට හෝ අනිද්දා නුවර පාරේ එක මංතීරුවක් අරින්න කටයුතු කරනවා. සාමාන්‍ය වියළි කාලයකදී විශාල ක්‍රියාමාර්ගයකට යන්න වේවි. දැනට ඩ්‍රෝන මගින් මැනීම් කරනවා. කඩුගන්නාවේ තත්ත්වය ටිකක් බරපතළයි. විශාල ප්‍රශ්නයක් තියෙනවා. සමස්ථ වාර්තා අරගෙන ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරලා උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා” යැයි ද කීය.
රනිල් ධර්මසේන සහ කමල් බෝගොඩ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here