කට දැවිල්ලට චිලි පේස්ට් එකක් ගෙදර හදමුද?

0
10


චිලි පේස්ට් කියන්නේ කටට රසට වගේම සැරට කන්න කැමති කාගෙත් ප්‍රියතම කෑමක්.වෙළඳපලේ මිලදී ගන්න තියන චිලි පේස්ට් වලට වඩා රසට ඔබට මෙය නිවසේදීම සකස් කරගන්න පුලුවන් ඉතාම පහසුවෙන්.මේ ලිපියෙන් ඔබට කියන්නේ කෘතිම රසකාරක වලින් තොරව සෞඛ්‍යාරක්ෂිතව වගේම කල් තියාගන්න පුලුවන් විදියට චිලි පේස්ට් හදාගන්න ආකාරයයි

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • කෑලි මිරිස් 100g
  • ඉගුරු කැබැල්ලක්
  • සුදුළුනු බික් 5 – 6
  • තෙල් කෝප්ප 1
  • වියලි ඉස්සන් 100g
  • සිහින්ව කපාගත් බීළුණු ගෙඩි 2
  • සිහින්ව කපාගත් කරපිංචා ඉති 2- 3
  • සිනි මේස හැදී 5
  • දෙහි යුෂ තේ හැදී 1
  • රස අනුව ලුණු

සකස් කරගන්නේ මෙහෙමයි

මුලින්ම බීළූණු ,ඉගුරු සහ සුදුළූණු රත්වූ තෙලට එකතු කර රන් වන් පැහැ වන තෙක් බැද ගන්න
ඉන්පසු එයට ඉස්සන් එක් කර රන්වන් පැහැය වන තෙක් මිශ්‍ර කරන්න
දැන් ක‍රපිංචා සහ සෝයා සෝස්ද එකතු කරන්න
පසුව කෑලි මිරිස් සහ රස අනුව ලුනු එකතු කර මිශ්‍ර කරමින් මද ගින්නේ තබන්න
විනාඩි 3ක් පමණ මදගින්නේ පිසගත් පසු සීනි එකතු කර නැවත මිශ්‍ර කරන්න
ඉන්පසු ලිපෙන් ඉවතට ගෙන නිවුනු පසු , සෝදා වේලාගත් බෝතලයකට දමාගන්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here