කටුනායක ගුවන් තොටේ මෑත ඉතිහාසයේ කළ විශාලතම වැටලීමෙන් ලක්ෂ 600ක දුම්වැටි සොයා ගැනේ

0
3


මෑතකාලීන ඉතිහාසයේ කටුනායක ගුවන් තොටුපොළේ සිදුකළ විශාලතම දුම්වැටි වැටලීම සිදු කර තිබෙනවා. 

ඒ, ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින්. 

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්  කටුනායක ගුවන් තොටුපොළේ හරිත මාවත ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු එම වැටලීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මොවුන් ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. 

එම වැටලීමේදී ගමන් මලු 20ක් තුළ අසුරා තිබූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි ලක්ෂ 04ක් අඩංගු දුම්වැටි කාටූන් 2,000ක් සිය භාරයට ගත් බවයි රේගු නිලධාරීන් පැවසුවේ. 

එලෙස සොයා ගත් දුම්වැටිවල වටිනාකම රුපියල් ලක්ෂ 600ක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ. 

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 25ත් 30ත් අතර පසුවන වැල්ලම්පිටිය, දෙමටගොඩ, බම්බලපිටිය සහ කොස්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන්. 

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා.              



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here