කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි NEXT ඇඟළුම් කර්මාන්ත ශාලාව හදිසියේම වසා දැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කර ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් එහි සේවය කළ සේවක සේවිකාවන් 1400 කට වැඩි පිරිසකට රැකියා අහිමි වී ඇති බව සඳහන්.
මෙම ආයතනය මැයි 19 වනදා රාත්‍රියේ සිය සේවක සේවිකාවන්ට වට්ස් ඇප් ඔස්සේ පණිවිඩයක් යවමින් දැනුම් දී ඇත්තේ කර්මාන්ත ශාලාව වසා දමන බවයි.
“”ඉතා ම සැලකිලිමත්ව සලකා බැලීමෙන් පසුව, ශ්‍රී ලංකාවේ කටුනායක පිහිටි NEXT නිෂ්පාදන කර්මාන්ත ශාලාව වහා ම වසා දමන බවට කනගාටුවෙන් නිවේදනය කරන්නෙමු. මෙය අප සමාගමට ඉතා දුෂ්කර තීරණයක් වූ අතර සියලු විකල්ප අනුගමනය කිරීමෙන් පසුව මෙම තීරණයට එළඹුණෙමු” යැයි එම පණිවිඩයෙන් නිවේදනය කර තිබේ.
NEXT ඇඟළුම් කර්මාන්ත ශාලාව වසර 40 කට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ ආයතනයකි.
Saru FM Media