කටුනායකදී අත්අඩංගුවට පත් රුපියල් කෝටියක නීතිවිරෝධී දුම්වැටි ජාවාරම

0
11

රෂිකා හෙන්නායක මාර්තු 29, කොළඹ LNW :

කටුනායක ගුවන් තොටුපොළේදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධී දුම්වැටි තොගයක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකපිට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු සහ චීන ජාතිකයන් තිදෙනෙකු නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ.

සැකකරුවන් සතු වූ ගමන් මලු කිහිපයක ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ දුම්වැටි අසූ අටදහසක් එහිදී සොයාගෙන ඇත.

අත්අඩංගුවට පත් විදේශිකයන් කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සේවය කරන්නන් බවට අනාවරණය වී තිබේ.

දැනට රඳවාගෙන සිටින මෙම පිරිස සම්බන්ධයෙන් රේගු බලධාරීන් විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

The post කටුනායකදී අත්අඩංගුවට පත් රුපියල් කෝටියක නීතිවිරෝධී දුම්වැටි ජාවාරම appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here