කටාර් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ තෙල් නෞකාවකට හඳුනා නොගත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය ඒජන්සිය පවසයි.
ප්‍රහාරය නිසා නෞකාවේ එක් පැතිකඩකට හානි සිදුව ඇති නමුත්, එහි සිටි සේවක පිරිසට කිසිදු අනතුරක් වී නොමැති බව සඳහන් වෙයි.
නෞකාවෙන් මුහුදට තෙල් කාන්දු වීමක් වැනි කිසිදු පාරිසරික හානියක් සිදුව නොමැති බව ද බලධාරීන් පවසයි.
මේ අතර මීට දිනකට පෙර ඩුබායි වෙරළ ආසන්නයේ තිබූ තවත් විශාල තෙල් නැවකට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ අතර, එහි හටගත් ගින්න මේ වනවිට නිවා දමා ඇත.
Saru News
















